ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයින් තිදෙනෙකු පත් කෙරේ

0
395

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් වශයෙන් ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂී අනුලා විජේසුන්දර සහ වෛද්‍ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.

ඒ, ඉදිරි වසර තුනක කාලයක් සඳහා ය.

මෙම සිවිල් සමාජ නියෝජිතයින්ගේ නම් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබිණි.

RN