*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ආර්ථිකය ඇද වැටීමට හේතුව රාජපක්ෂ තන්ත්‍රයේ හොරකම පමණක්ද ?

තෙල්, ගෑස් නොමැතිව රටේ ආර්ථිකය එක තැන ඇදවැටීම නිසා නිර්මාණය වූ මහජන වෛරය ඝෘජුවම එල්ලවූයේ රාජපක්ෂ පවුල් සංස්ථාව වෙතටය. ඒ සඳහා රාජපක්ෂලා යනු ජන්ම හොරු කොට්ඨාශයක් බව කියමින් කාලයක් තිස්සෙ බිමේ රැගෙන ගිය දේශපාලන ප්‍රචාරණයන්ද හේතු විය. මැයි නමය රෑ රාජපක්ෂ කඳවුරට එරෙහිව බිමේ ඇවිල ගිය ප්‍රචන්ඩ ගිනි තැබීම් වලට අදාල සමාජ මනෝබාවයන් සැකසුනේද කාලයක සිට බිමේ පතුරවා හැරි රාජපක්ෂ හොරකම් පිළිඹඳ මේ ප්‍රචාරණය නිසයි.

එතැන් සිට රාජපක්ෂ තන්ත්‍රය සියළු ආර්ථික ව්‍යාසනයන්ගේ වග උත්තරකරු ලෙස ජනතා වෛරයට පාත්‍ර විය. රාජපක්ෂවරු යනු හොරුන් බව සැබැවි, ඒ පිළිඹඳව කිසිදු තර්කයක් නොමැත. එසේම මේ ආර්ථික ඇදවැටීමට එයද යම් දුරකට හේතුවක් වූවාද විය යුතුය. නමුත් මේ ආර්ථික ඇදවැටීමේ ප්‍රධාන හේතුව රාජපක්ෂ හොරකමම නොවේ.

නගර කේන්ද්‍රීයව බිහිවූ මධ්‍යම පන්තියේ ව්‍යාජ සිංගප්පූරු සිහින වෙනුවෙන් නගර තුල විශාල වියදමක් දරා ඉදිකල ජොගින් පාත් සංවර්ධන වියඳම්ද අර්බූදය උග්‍ර වීමට බලපාන්නට ඇත. එසේම ප්‍රති ආදායම් නොලබන සහ සහ කිසිම කර්මාන්ත කරණයක් හා හා සම්බන්ද නොවූ හයිවේ යටි මඩි වියඳම්ද මේ අර්බූදය අත ලඟට කැඳවා ගැනීමට හේතුවූවා විය යුතුය.

නමුත් ලාංකීය ආර්ථිකයේ ඇද වැටීම යනු යම් කාලයක සිට පැවත එන ගෙවුම් ශේෂ අර්බූදයේ පරිසමාප්තිය මිසක වෙන හේතුවක් මුල්කරගෙන සිදුවූවක් නොවේ. එය සරළව පවසතොත් අර්බූදයේ මූලය යනු රටේ ආදායම මෙන් දෙගුණයක වියඳමක් පවත්වාගෙන යාමයි.

ඉදිකට්ටේ සිට යානවාහන ගුවන් යානා දක්වාවූ රටට අවශ්‍ය කුදු මහත් දෑ සියල්ල රටට ලබාගන්නේ විදේශ වෙළඳපොලෙනි. නමුත් ඒ සියළු නිර්‍යාතයන් සඳහා අවශ්‍ය විනිමය ඉපයීම පවතින්නේ ඉතාමත් දුර්වල තත්වයකය. අපගේ විදේශ ආදායමේ වැඩි කොටසක් නියෝජනය වන්නේ ගෝලීය ශ්‍රම වෙළඳපොලට සපයන අන්ත නුපුහුණු ශ්‍රම සැපයුමක් හරහාය. මෙහිදී මැදපෙරදිග කලාපයට සපයන කාන්තා වහල් ශ්‍රමය මෙහි ප්‍රධාන තැනක් ගනී.

වතුකරයේ තේ දළු කර්මාන්තයද වහල් ශ්‍රම කොන්දේසි තුල විදේශ විනිමය උපයන තවත් කර්මාන්තයකි. ඉතාම දුෂ්කර ශ්‍රම කොන්දේසි තුල දුවන ඇඟළුම් කර්මාන්තයද විනිමය උපයන අනිත් කර්මාන්තයයි.
රටේ පවතින සොබාවික සෞන්දර්ය නැරඹීමට පිටින් පැමිණෙන සන්චාරකයන්ද රටේ විනිමය ආදායමට යම් දායකත්වයක් දරයි.

මෑත ඉතිහාසය තුල රටේ ජනගහනය අකන්ඩව වැඩිවූ සන්ධර්බය තුල වැඩිවූ ජනගහනයට අවශ්‍ය කුදු මහත් සියළු දෑ පාලනයකින් තොරව රට තුලට ආනයනය කලා මිස ඒ ආනයන් සඳහා අවශ්‍ය විනිමය උපයන ක්‍රමවේද සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෑත ඉතිහාසය තුල රට තුල සිදු නොවීම මූලික වශයෙන්ම මේ අර්බූදය නිර්මාණය වීමට හේතු විය.

රටේ අය හා වැය අතර පැවති ගැඹුරු පරතරය නොහොත් ගෙවුම් ශේෂ අර්බූදය යනු රාජපක්ෂවරු බලයට පත්වීමට පෙර කාලයක සිටම රටේ පැවති අර්බූදයකි. සෑම වර්ෂ අවසානයකම අයවැය විවාදය අවසානයේ හිගවන මේ මුදල පියවා ගන්නේ විදේශ ණය ලබා ගැනීමෙනි.

ගෝඨාබයගේ පාලන කාලය තුලදී ආර්ථිකය එක තැන ඇදවැටීමට හේතුවූයේ වසංගතය නිවාරනය කිරීම සඳහා පිටින් ගෙන්විය යුතු බෙහෙත්වල හා වෛද්‍ය උපකරණවල සහ සමාජ සුබසාධනයේ පිරිවැය ඉහල ගිය ද ඒ මොහොතේ රාජ්‍යයේ තිබුන ආදායමද තව තව පහලට වැටීමේ හේතුවෙනි.

විශේෂයෙන්ම වසංගතය නිසා ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබුන ඩොලර් සම්ප්‍රේශන හැකිලී ගියේය. තවත් පැත්තකින් වසංගතය නිසා ඇඟළුම් ක්ෂේත්‍රයේ ආදායමද බිඳ වැටුනි. අනෙක් පැත්තෙන් වසංගතය නිසා ගෝළීය ආර්ථිකයට වූ බලපෑම නිසා විදේශ ශ්‍රමිකයන්ගේ විනිමය ඉපැයීම් මාර්ගද දුර්වල විය.

එහිදී ලෝකයේ ශක්තිමත් ආර්ථිකයන් පැවති රටවල් වසංගතය නිසා පොදුවේ උත්ගතවූ ආර්ථික අවපාතය තරණය කලද ලංකාවේ අබලන් රියක් බඳුවූ තල්ලු ස්ටාට් ආර්ථිකය බංකොලොත් රාජ්‍යයන්ගේ ලයිතුවට වැටී විදෙස් ණය ලබාගත නොහැකිව එක තැන නතර උනු තත්වයකට පත් විය.

මේ තත්වයේ චූදිතයන් ලෙස රාජපක්ෂ තන්ත්‍රයට ඇඟිල්ල දිගුකර රාජපක්ෂ තන්ත්‍රය පලවාහැර බලය ලබාගැනීම විපක්ෂය සතු පහසු උපාය මාර්ගයක් උවත් සත්‍ය ලෙසම මේ බංකොලොත් බාවයට ඝෘජුවම බලපා ඇත්තේ ලක්ෂ අටකටත් වඩා අඩුවෙන් අවශ්‍ය රාජ්‍ය සේවයකට ලක්ෂ දාහතක ශ්‍රමිකයන් පිරිසක් ඉතා දීර්ඝ කාලයක් නඩත්තුකරගෙන ගිය පරපුටු හොර ගුහාවල් බවට පත්වූ රාජ්‍ය සේවයයි.

විශේෂයෙන්ම මෙහිදී රටට විනිමය ඉපයීම සඳහා තඹ දොයිතුවක දායකත්වයක් නොදෙන නමුත් විනිමය මහා පරිමාණයෙන් වැයකොට රටට පිටින් ගෙන්වන අධිපුකෝපබෝගී බඩු බාන්ඩ පරිබෝජනය කරන රාජ්‍ය අංශයේ සිටින ඉහල පරපුටු නිලධාරී තන්ත්‍රයක් දිගින්දිගටම නඩත්තු කරගෙන යෑම මේ රාජ්‍ය බංකොලොත් බාවයට ඝෘජුවම බලපෑවේය. මෙහිදී රටේ දේශපාලක ස්තරය නඩතු කිරීමට වැයවෙන ධන්ස්කන්දය මෙන් කීපගුණයක ධනස්කන්ධයක් මේ රාජ්‍ය ආයතන පද්දතිය හා නිලධාරී තන්ත්‍රය නඩත්තු කිරීමට වැයවිය. (රාජ්‍ය වැටුප් විශ්‍රාම වැටුප් වරදාන වරප්‍රසාද දීමනා සියල්ලේ එකතුව මසකට පමණක් බිලියන් සීයක් පමණ වේ.) නමුත් මේවා දේශපාලන සටන්පාඨ බවට පත්කර ගත නොහැකි නිසා උක්ත ධන නහස්තිය ජනප්‍රිය මාතෘකා බවට පත් නොවේ.

උදාහරණ ලෙස විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන් යනු ‍රට තුල රුපියල් එකතුකරන පිරිසක් මිස ඩොලර් උත්පාදනය කරන පිරිසක් නොවේ. නමුත් ඔවුන් බාවිතාකරන බී.එම්.ඩබ්ලිව්. බෙන්ස් වැනි අති සුඛෝපභෝගි රථවාහන ගෙන්වීමට රටින් පිටට විශාල ඩොලර් ප්‍රමාණයක් ඇදී යයි. එපමනක් නොව මේ මධ්‍යම පාන්තික නිලධාරී ස්තරය බාවිතාකරන සුඛෝපභෝගී බඩුබාන්ඩ හා ඔවුන්ගේ හා ඔවුන්ගේ නිවස ගොඩනැගිලි වැනි දෑ ඉදිකිරීමට අවශ්‍ය අධි මිල අමුද්‍රව්‍ය හා උපකරණ වැනිදෑ ගෙන්වීමටද රටින් පිටතට විශාල ඩොලර් ප්‍රමාණයක් ඇදී යයි.

විශේෂයෙන්ම ලංකාවේ රෝහල් පද්දතිය ඇත්තේ උසස් වෛද්‍ය නිලධාරීන්ගේ වරප්‍රසාද උදෙසා මිස දිළිඳු ජනයාට යහපත් සෞඛ්‍ය සේවයක් සැපයීම සඳහා නොවේ. මේ නිලධාරීන් අසරණ රෝගීන්ට පෙන්වන අස්ලීල බලපුලුවන්කාරකම් වලින් පෙනී යන්නේ ඔවුන්ට නිකම් ඉඳන් පඩි ලබාගත හැකිව ඇති ආයතනයකට රෝගීන් ගොස් කරදර කරනවා වැනි තත්වයකි. මේවනවිට රෝහල් තුල උග්‍ර වෛද්‍ය උපකරණ හිගයක් හා බෙහෙත් හිගයක් පැවැතුනද නිලධාරීන්ගේ වරදාන දීමනාවල කිසිදු අඩුවක් සිදුවී නැත.

විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව යනාදී අනෙකුත් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනවල තත්වය ද මීට සමානය.

දේශපාලකයන් විසින් හොර රහසේ කරන හොරකම් පමණක් නොව මේ නිලධාරී තන්ත්‍රය එලිපිට ලබාගන්නා අසාධාරණ වරදාන වරප්‍රසාදයන්ද රට ඇතුලතින් නාය යෑමකට හේතුවී ඇත. නමුත් ආන්ඩු පෙරලීමේ සටන් පාඨයක් ලෙස “හොරු එලවමු” සටන් පාඨය පැමිණුනා සේ “පරපුටු නිලධාරී තන්ත්‍රය පන්නමු” වැනි සටන්පාඨයක් නිර්මාණය වන්නේ නැත. මන්ද එවන් සටන් පාඨයකින් දේශපාලන වාසි ලබාගත නොහැකි නිසා ය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan