ජනතාව ඡන්දය දුන්නේ එක එකාට රජවෙන්න නෙවෙයි – නාමල් රාජපක්ෂ (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මීට වඩා බුද්ධිමත්ව සහ වගකීමකින් යුතුව හැසිරිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – දැන් ආණ්ඩුවේම ඉන්න පිරිස් ආණ්ඩුවට එරෙහිව වැඩ කරද්දී ඔබතුමාලාට පුළුවන්ද ඉදිරියට යන්න ?

”මං හිතන්නෙ ඒගොල්ලන්ගෙ හිතේ යම් යම් දේවල් තියෙනවා. මගේ නම් පෞද්ගලික මතය ඒවා එළිමහනේ කතා කළයුතු නැති දේවල්. ඒවා කැබිනට් මණ්ඩලයේ, නැත්නම් ආණ්ඩු පක්ෂය රැස්වීමේ, එහෙමත් නැත්නම් පක්ෂ නායක රැස්වීමේ කතා කළයුතු දේවල්. ඉතින් මං හිතන්නෙ ඒ දේශපාලන නායකයොත් බුද්ධිමත්ව හැසිරුණොත් හොඳයි”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව ඔබතුමාට ගමනක් නැහැයි කියලයි ඔවුන් කියන්නෙ ?

”මං හිතන්නෙ මේ නාමල් රාජපක්ෂ රජවෙනවාය කියන කාරණය – මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නෙ එක එකාට රජවෙන්න නෙවෙයි. ඒ හින්දා අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි”

ප්‍රශ්නය – ඇමතිතුමා ඒ කියන්නෙ ශ්‍රීලනිපය කියන කිසිම දෙයක ඇති වැඩක් නැහැ ?

”නෑ, මං කියන්නෙ ශ්‍රීලනිපය විදියට එතුමන්ලා වගකීමකින් කටයුතු කළොත් හොඳයි'”‘

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ වෙනකල් ඒගොල්ලො වැඩ කරන්නෙ වගකීමක් නැතුවද ?

”වගකීමකින් කටයුතු කරනවාද, නැද්ද කියන කාරණය මං හිතන්නෙ මේ රටේ ජනතාව දන්නවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන්, දේශපාලනඥයො විදියට අපේ වගකීම – අපේ අයිතිය තියෙනවා ඕනෙ කෙනෙක්ට කතා කරන්න, හැබැයි කතා කරන්න අයිතිය තියෙනවා වගේම සියලු දෙනාම තේරුම්ගත යුත්තේ අපට යුතුකමකුත් තියෙනවා කියන එකයි”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...