“අනේ බණ්ඩයියෙ”
උදැහැනැක්කෙ මළ සනිඅඬේ කාගෙද බැලුවා.බැලිඤ්ඤං නිමලෙගෙ මායියා.
“අයියනායක දෙයියන්ටවත් පෙනියං මේ විපැත්තිය”
නිමලෙගෙ මායියා ඇස්දෙකෙං හොටු හූරනවා.නාහෙං කඳුළු පිහිනවා.
“මොකද්ද නගේ වෙලා තියෙන්නෙ?”
“අනේ බණ්ඩයියෙ.අගෙ ගෙදර එක්කෙනාගෙ කල්පොනාව ඔලමොරොන්දං වෙලා…අයිය ඩිංගක් ඇවිත් බලලා වෙද මහත්තයා එක්කේන්ඩකො”
මම්මේ ඊයෙ අන්තරස්දාන වෙච්චි එලවැස්සි හොයාගන්ඩ කල්පොනා කොරනව.ඒ අස්සෙ තව නිංගිරාවක්.
“හා යමල්ලකො එහෙනං.”
සද්දෙ ඇහිච්ච ගමං අපේ බල්ලා ඉස්සර වුණා.ඇත්වසයෙම්ම රාජ් සේවකයෙක් පොරදානියාගෙ ලියුම තේරුගන්නොවට වඩා ලේසියෙං අපේ බල්ලා තේරුංගන්නොව ඕං.ඉස්සරහිම්ම බල්ලා.ඊළඟට ගෙදර පූසා.අපේ මායියා,නිමලෙගෙ මායියා.අන්තිමේට මං.ඊ ළඟට අහල පහල බලු සේනාව.කෙලිම්ම නැවතුණේ නිමලෙලැ මිදුලෙ.නිමලෙ මූකලං බස්සෙක් වගේ මිදුලෙ හක්මං කොරනවා.පුටු පුටු ගානවා.
“ඉතුරු තුන,ඉතුරු තුන,ඉතුරු තුන,ඉතුරු තුන…..”ඔචිචරයි කියන්නෙ….
“කන්නෙත් නැ බොන්නෙත් නැ.පුටුපුටු ගානව.එච්චරයි”
නිමලෙගෙ මායියා කියපි.
“කකුලක් උස්සලා කම්බි වැටෙං පනිද්දි කොහෙ හරි ඇමුණුණාද?”
“පිස්සුද බණ්ඩයියෙ?”
“හෙනං මොකද වුණේ?”
“එතුමගෙ කතාව ඇහුවයිං පස්සෙ ඕක වුණේ.”
මං කිට්ටු වුණා නිමලෙට.
“වර යන්ඩ.සීනි කරිංජං පොළට.ඉතුරුතුන ගැන කියන්ඩ.”
නිමලෙ මං පස්සෙං වැටුණා.දෙකක් කටට හලාගත්තා.
“මොකද්ද බං ඔය ඉතුරු තුන.?”
“මේකයි බණ්ඩයියෙ…දැං තුනක් ඉවරයිනෙ.ඉතුරු තුනෙං ඔක්කොම කොරන්නෙ කොහොමද තිබිච්ච තුනත් නැතිවුණාට පස්සෙ?”
නිමලෙ හක හක ගෑවා.උගෙ දත්බොල්ලෑවෙ හැටි අම්මපා……මංඌට තව එකක් අරං දුන්නා….අර ඉතුරු තුන මන්තරේ නැවතුණා…..ආයෙ ඉතිං මොන කට්ටඬිද?ලෙඩේ සැලැන්ඩර්.
“ඉතුරු තුන මෙහෙම ඉමුද.ගෙදර යන්ද?”
මං ඇහුවා.නිමලෙ නෝ සිනා.නෝ කතා.”හා යමං එහෙනං යන්ඩ.”
නිමලෙ මගෙ පස්සෙං.මළ කෙළියයි.සල්ලි දීලා ඉතුරු තුන ගන්ඩ බැරිවුණා…..ඉතුරු තුන.
පෙර ලිපි