සෞඛ්‍ය නලින්දට, ආර්ථිකය හඳුන්නෙත්තිට. අනුර කුමාර අමාත්‍ය මණ්ඩලයත් නම් කරයි ! (VIDEO)

Date:

තමන්ගේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බවත් ඒ ඒ විෂයන් සඳහා තමන් සතු දක්ෂතමයින්ගේ කණ්ඩායමක් ගොඩනඟන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

”මේක තනි පුද්ගලයෙක්ගේ මැජික් ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. එනිසා අපි ඉදිරියේදී අපේ රටේ අමාත්‍යාංශ උපරිම 25 යි, නියෝජ්‍ය අමාත්‍ය ධුර 25 යි. එතනින් උඩ යන්න බෑ අපේ රටේ. 25ත් වැඩියි ජපානෙත් එක්ක සංසන්දනය කරලා බලනකොට. හැබැයි අපට තියෙන්නෙ කඩාවැටිච්ච රටක් ගොඩගන්න. එනිසා යම් අමාත්‍යාංශ ප්‍රමාණයක් ඕනෑ. ඒ කියන්නෙ අපට තියෙන්නෙ වැටිච්ච රටක් නෙ, ජපානෙට ඕනෙ නෑ, ඒගොල්ලොන්ට තියෙන්නෙ පවත්වාගෙන යන්න. අපට තියෙන්නෙ වැටිච්ච රටක් ගොඩගන්න. එනිසා ඒකට වැඩි සෙට් එකක් දලා, බර දාලා ඒක අදින්න ඕනෙ. එනිසා අපි උපරිම අමාත්‍යාංශ 25 යි, නියෝජ්‍ය අමාත්‍ය ධුර 25යි. වෙන රාජ්‍ය, ව්‍යාපෘති කෑලි මොකුත් නෑ. මේවා දීලා තියෙන්නෙ සනසන්න. ඒක අපි වෙනස් කරනවා.

වෙනස් කරලා මොකද කරන්නෙ ? අන්න ඒකට අපි හොඳ කණ්ඩායමක් පත් කරනවා. හරිද ? අධ්‍යාපනය ගත්තොත් කවුද අපේ ? අපෙ හොඳම කණ්ඩායම. දැන් අපි සෞඛ්‍ය උදාහරණයක් හැටියට ගත්තොත්, අපි අපේ කණ්ඩායමක් හඳුන්වා දෙනවා මේගොල්ලො තමයි සෞඛ්‍ය ගොඩනඟන වගකීම බාරගන්නෙ කියලා. අපේ නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙක්. අපේ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිශාන්ත අබේසිංහ. මේගොල්ලො තමා අපේ වෛද්‍ය භාර කණ්ඩායම.

මෙන්න මේ කණ්ඩායම තමා අපේ අධ්‍යාපනය භාර කණ්ඩායම. මේගොල්ලො තමා සෞඛ්‍ය භාර කණ්ඩායම. මේගොල්ලො තමා විදේශ ප්‍රතිපත්ති හදන කණ්ඩායම. අපෙ මහාචාර්ය අනිල් ජයන්ත, අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා, අපේ වසන්ත සමරසිංහ සහෝදරා, ඒගොල්ලො තමා අපේ ආර්ථිකය භාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැඟුණු හැම අමාත්‍යවරයෙකුටම වඩා දක්ෂ, ඒ පිළිබඳව අවබෝධයක්, කැපකිරීම්, අවංකභාවය තිබෙන, අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්න ඒ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නෙ”

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මොරටුව රන්දිය හෝටලයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...