*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වෛද්‍ය වාර්තා සාමාන්‍යයයි – පා. ච. රණවක උසාවියේ පච වෙයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කිසිදු විශේෂ රෝගී තත්වයක් නොමැති බව අද අධිකරණයේදී හෙළි විය.

චම්පික රණවක මහතාට වෛද්‍ය පරීක්ෂණ 10 ක් සිදුකර ඇති නමුත් විශේෂ රෝගී තත්වයක් සම්බන්ධයෙන් එහිදී හෙලි වී නොමැති බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා අධිකරණය වෙත තහවුරු කර තිබේ.

රණවක මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ජනවාරි 10 වැනිදා කැඳවා තිබූ අවස්ථාවේදී රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කළේ සිය සේවාදායකයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කළේ සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

අද මෙම නඩුව කැඳවා තිබූ අවස්ථාවේදී සැකකාර චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් මහාධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ චම්පික රණවක මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අධිකරණ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ පරීක්ෂණ 10 කින්ම චම්පික රණවක මහතා සාමාන්‍ය සෞඛ්‍ය තත්වයේ පසුවන බවත්, රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට තරම් රෝගී තත්වයක් ඔහුට නොමැති බවත් තහවුරු වූ බවද දිලීප පීරිස් මහතා සඳහන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩු විභාගය අවසන් වනතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එසේ නැතහොත් නඩුව දිනපතා විභාගයට ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

ඊට එරෙහිව කරුණු දැක්වූ විත්තියේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ තම සේවාදායකයා රෝහල්ගත වූයේ නඩුව කල්දමා ගැනීමේ අරමුණකින් නොවන බවයි. හෙට දිනයේදී සිය සේවාදායකයා තවත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට නියමිතව තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේ නීත්‍යනුකූළ ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් නඩුව කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා අධිකරණය විරුද්ධ නොවන බවයි. කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා නිකුත් කර ඇති වාර්තාවලට අනුව සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටිය හැකි තරමේ සෞඛ්‍ය තත්වයෙන් සිටින්නේ යැයි තහවුරු වන බවද විනිසුරුවරයා සඳහන් කර තිබේ.

නඩුව කඩිනමින් අවසන් කිරීම අධිකරණයේද අරමුණ බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා, පෙබරවාරි මස 18 වැනිදා මෙම නඩුව යළිත් විභාගයට ගැනීමට තීරණය කළේය.


පාඨලී චම්පික රණවක යනු මේ දිනවල සිටින ”වෙන්ඩ ජනාධිපති” වරුන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. නැතිනම් ලොකුවටම ජනාධිපති සිහිනය දකින්නෙකි.

ඔහු ඒ සඳහා රටට පෙන්නුම් කිරීමට උත්සාහ දරමින් සිටින්නේ තමන් සෙසු දේශපාලනඥයින්ට වඩා ”ස්මාර්ට්” දේශපාලනඥයෙකු වශයෙනි. ඇත්තෙන්ම අන්ත ජාතිවාදී, ස්වෝත්තමවාදී දේශපාලන දෘෂ්ටියක පිහිටා සිටින අතරේම තමන් ස්මාර්ට් යැයි පෙන්වීමට උත්සාහ කිරීමත් හාස්‍යයට කරුණකි. ඊටත් මෙහා ඇති සරලම ප්‍රායෝගික ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් නඩුවට අදාළ රිය අනතුරේ සිද්ධියවත් ස්මාර්ට් ආකාරයෙන් කළමනාකරණය කරගත නොහැකි චම්පික තමන්ට රටක්ම ස්මාර්ට් ආකාරයෙන් පාලනය කළහැකි යැයි කියන්නේ කෙසේද යන්නයි.

ඇත්තෙන්ම මෙම අනතුර සිදුවන අවස්ථාව වනවිට පාඨලී චම්පික රණවක යනු එවකට පැවති ආණ්ඩුවේ ඉතාම ප්‍රබල අමාත්‍යවරයෙකි. සිද්ධිය කුමක් වුවත් මෙය මානුෂික ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට චම්පිකට හැකියාවක් තිබිණි නම් මේවා මෙතෙක් ඇදෙන්නේ නැත. එහෙත් ස්වෝත්තමවාදී දේශපාලකයින් ස්වභාවයෙන්ම කැමති තම බලය පෙන්වීමට විනා මානුෂික ආකාරයෙන් ප්‍රශ්න විසඳීමට නොවේ.

අනෙක් අතට චම්පික යනු ඔහු රට ඉදිරියේ පෙන්නුම් කිරීමට උත්සාහ දරන මට්ටමින් ගල් ලෙන බින්ද සිංහබාහු කෙනෙක් නොවන බවත් මේ රෝහල්ගත වීම හරහා පෙනේ. මයික් කටවල් ඉදිරියේ පෙන්වන ඔහුගේ චණ්ඩිකම් ඇත්තටම ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවුණු විටක ඔහු ළඟ නැත. එමෙන්ම නීත්‍යානුකූල පටිපාටියට අනුව නඩුවකදී කල් ගැනීම පැත්තකින් තිබියදී එසේ කරන්නට ගිය පළමු පියවරේදීම හත්පොළේ ගාගැනීම යනු වෙනමම කතාවකි.

ඒ අනුව ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රතිරූපය පුම්බා පෙන්වනවාට වඩා බිමේ දේශපාලනය කිරීමත් එදිනෙදා ප්‍රශ්නවලට මුහුණ දීමත් අසීරු බවට හොඳම උදාහරණයක් චම්පිකගෙන් අනෙකුත් ”වෙන්ඩ ජනාධිපති” ලාටත් බලාගත හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan