ඔමික්‍රෝන් ලොවම වෙලා ගනී – ඊයේ ආසාදිතයන් ලක්ෂ 36 ක්!

Date:

ඊයේ දිනයේදී ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 3,611,403 ක් හඳුනාගෙන තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්තව තිබෙන අතර ඊයේ දිනයේදී හඳුනා ගත් ආසාදිතයන්ගෙන් බහුතරයක්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වේ.

ඊයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම ප්‍රමාණය 692,320 ක් වන අතර එරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 70 ඉක්මවා තිබේ. ඉන් මිලියන 05 ක්ම වාර්තා වී තිබෙන්නේ අවසන් දින 07 තුළදීය.

ප්‍රංශයෙන් 425,183 ක්, ඉන්දියාවෙන් 347,254 ක්, බ්‍රසීලයෙන් 168,060 ක්, එක්සත් රාජධානියෙන් 107,364 ක් ලෙස ඊයේ ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආජන්ටිනාව යන රටවලද ආසාදිතයන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ගත වූ දින 07 තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 21 ඉක්මවා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...