කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !

Date:

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ දමන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

දකුණු කොරියානු කතානායකවරයා සහ අගමැතිවරයා අතර හමුව ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අගමැතිවරයාගේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති කතානායකවරයා, ශ්‍රී ලාංකික තරුණ, දක්ෂ ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගැනීම දෙරටේම ආදායම් වර්ධනයට හේතු වන බව සඳහන් කර තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 22,000 ක් පමණ දකුණු කොරියාවේ සේවය කරමින් සිටින අතර ඔවුන් හරහා වාර්ෂිකව රටට හිමිවන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවයි. එම මුදල සමස්ත විදේශ ප්‍රේෂණවලින් 7.75% ක් පමණ වේ.

2019 වසරේදී ශ්‍රී ලාංකිකයන් 3600 ක් දකුණු කොරියාව වෙත ගොස් ඇති අතර කෙසේ නමුත් පසුගිය දෙවසර තුළදී එම ප්‍රමාණය 500 ක් දක්වා අඩු වී තිබේ.

දකුණු කොරියානු භාෂාව විදේශ භාෂාවක් ලෙස උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කොරියානු කතානායකවරයා අගමැතිවරයා වෙත ස්තුතිය පළකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද ?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා...

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...