සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 21 කොළඹ (LNW): මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
ඊයේ රාත්‍රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක් තුළ සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
