වතින ජීවන වියදම ඉහළයෑම මිනිස්සුන්ට දරා ගන්න බෑ – අමාත්‍ය ප්‍රසන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW):අද (21) දින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ගම්පහ ඔරුතොට ඇවිදින මන්තීරුව ප්‍රතිසංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඒ එම ඇවිදින මන්තීරුව භාවිතා කරන පිරිසකගේ ඉල්ලීමකට සලකා බැලීමෙනි.

එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ වර්තමානයේ පවතින ජීවන වියදම ඉහළයෑම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමන් පිළිගන්නා බවයි.

යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි. එබැවින් විපක්ෂයේ සහ කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඇවිදින මංතීරුව 2011 වසරේදී ආර්ථික අමාත්‍යාංශය හා ගම්පහ මහනගර සභාව එක්ව නිර්මාණය කර තිබේ. මේ වනවිට එම මංතීරුව ප්‍රතිසංස්කරණය කළ යුතු බවට එය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබුණි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...