යුක්තිය මෙහෙයුම්වලින් ඊයේත් (20) සැකකරුවන් 987 ක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

එම මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 270ක්, අයිස් ග්‍රෑම් 140ක්, මත්පෙති 1080ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද පොලිසිය සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු පිළිබද රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව වැඩිදුරටත් දන්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...