“දසබල සේනා” හමුවන නාමල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය.

මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බවද පැවසේ,

ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සමගාමීව මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙහිදී කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට 2024.01.22 මොරටුවෙන්”දසබල සේනා” වැඩසටහන ආරම්භ කරන බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් වැඩිදුරටත් සදහන් කලේය.

මීට අමතරව පොහොට්ටුවට එල්ල කරන අසත්‍ය චෝදනා පිලිබදව දැනුවත් කර සත්‍ය කුමක්දැයි ග්‍රාමීය නායකයින් දැනුවත් කිරීමටද සූදානම් බව නාමල් රාජපක්ෂ පැවසීය.මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන පක්ෂ අසත්‍ය ප්‍රකාශ වලට පිලිතුරු දීම සදහා සූදානම් කරවන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...