අධි රුධිර පීඩනයට හොඳ කෑමක් වන “ඩාර්ක් චොකලට්”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධි රුධිර පීඩනය හෘද වාහිනී සෞඛ්‍යයට අනතුරුදායක මඟකි. අධි රුධිර පීඩනය වැළැක්වීම සහ කළමනාකරණය කිරීම බොහෝ ධනාත්මක සෞඛ්‍ය ප්‍රතිඵල සහතික කිරීමට උපකාරී වන නමුත් පර්යේෂකයෝ තවමත් අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා හොඳම ක්‍රම මොනවා දැයි සොයන අවධියක පසු වෙති.

අධි රුධිර පීඩනය යනු; ශරීරයේ ධමනි මත රුධිරය යොදන බලය අධික ලෙස ඉහළ යාමයි.

ජීවන රටාවේ වෙනස්කම් සහ ඇතැම් ඖෂධ මගින් අධි රුධිර පීඩනය පාලනය කළ හැකිය. පොදුවේ ගත් කල, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සහ ව්‍යායාම කිරීම අධි රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ.

ඉහළ කොකෝවා අන්තර්ගතයක් සහිත ඩාර්ක් චොකලට් (Dark Chocolate) මධ්‍යස්ථව ආහාරයට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ ලබා දිය හැකි අතර හෘද රෝගවලින් ඔබව ආරක්ෂා කිරීමට ද එය මහඟු රුකුළක් වේ.

Nature Scientific Reports හි ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයක් මගින් ඩාර්ක් චොකලට් (Dark Chocolate) ආහාරයට ගැනීමේ අවශ්‍යතාවය සහ අධි රුධිර පීඩන අවදානම අඩු කිරීමට උපකාරී වන්නේ කෙසේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබේ.

ඩාර්ක් චොකලට් (Dark Chocolate) ආහාරයට ගැනීමෙන් රුධිර කැටි ගැසීමේ අවදානම අඩු කළ හැකි බවට ප්‍රතිඵල සහතික වී ඇත. නමුත් පර්යේෂකයන් එහි සම්බන්ධතාව කුමක් දැයි නිශ්චිතවම නිගමනය කර නොමැත.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය