අද රටේ ආර්ථික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා – විපක්ෂ නායක සජිත්

Date:

රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගනු ලැබුවත්, අද අපේ රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දි ඇති බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා පුද්ගලයන් බවත් මහබැංකු ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) කළුතර පැවැති සමගි රණවිරු බලවේගයේ රැස්වීම අමතමිනි.

බෝම්බ ගහන අය සේම රාජ්‍ය දේපල හොරා කන පුද්ගලයන් ද ත්‍රස්තවාදීන්

එදා බෝම්බ ගසා රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත් කොට්ඨාසයක් සිටියා සේ වර්තමානය තුළ රට විනාශ කර රට බංකොලොත් කර රටේ සම්පත් දේපල අමු අමුවේ මහ දවල් හොරා කා අල්ලස දූෂණය වංචාව වපුරපු කණ්ඩායම් සුරසැප විඳිමින් සිටින බවත් කී විපක්ෂ නායකවරයා , රට බංකොලොත් කළ කණ්ඩායමේ පිහිටෙන් බිහි වූ ජනාධිපතිවරයා අසාධාරණ බදු වැඩපිළිවෙළක් අනුගමනය කරමින් සිටින බවත් රටේ පොදුජනතාවගේ බෙල්ල මිරිකා ජීවත් වීමේ අයිතිය උදුරා ගත් කණ්ඩායමක් මේ වන විට රට පාලනය කරන බවත් රටේ ජනතාවගේ කරපිට හිස මත අසීමිත බරක් පීඩනයක් පටවන මේ පුද්ගලයන් ආර්ථික ත්‍රස්තවාදීන් බවත් විපක්ෂ නායකවරයා කියයි.

සිංගප්පූරු සිහිනය පෙන්වා රට බංකොලොත් කර දැමුවා.

කුඩා පිරිසකගේ, පවුල් කිහිපයකගේ උවමනාවට සමස්ත රටේම ලක්ෂ 220ම තලා පෙලා පොඩි කර විනාශ කරන ආර්ථික ත්‍රස්තවාදයක් රටේ ක්‍රියාත්මක වෙන බවත් උතුම් රණවිරුවන් බේරා ගත් මේ රට ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත්භාවයට පත් කළත් ඔවුන්ට හිමි දඩුවම් මේ වන තෙක් නොලැබී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන හීන පෙන්වා බලයට පැමිණි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිසා අන්ත දුගී දුප්පත්භාවයට පත්වූ රටක් ලෙස අප රට පත්ව ඇති බවද පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...