‘විශ්ව බුද්ධ මුනි’ නැමැත්තා සාමණේරභාවයෙන් නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව තීරණය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): පසුගිය දා බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අද (21) දිනයේදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නැමැත්තා සාමණේරභාවයෙන් නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී ඇහි අතර, එහිදී පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.

ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...