වරායේ තදබදය නැතිකරන්න නිදහස් කරපු කන්ටේනර්වලින් බහුතරයක් පරීක්ෂා කර නැහැ – රේගු නිලධාරීන්ගෙන් අනාවරණයක්!

Date:

කොළඹ LNW:වරාය තුළ බහාලුම් නිදහස් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතුව තිබුණු තදබදය අවම කිරීම සඳහා බහාලුම් නිදහස් කිරීමට පියවර ගැනීමේදී එම බහාලුම් 323ක් අතරින් අති බහුතරයක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් වී තිබෙන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිල සංජීව මහතා පවසන්නේ එම බහුතරයක් වූ බහලුම් රෙඩ් ලේබලය යටතේ දැඩි රේගු පරික්ෂාවකට ලක්විය යුතු වූ බහලුම් බවයි.

රේගු පරිගණක දත්ත පද්ධතිය මඟින් එම තොරතුරු ලබා ගෙන තිබෙන අතර යම්කිසි අයුරකින් එදිනෙදා ජන ජීවිතයට අහිතකර ලෙස බලපානු ලබන භාණ්ඩ එම බහලුම් මඟින් නිදහස් වී ඇත්නම් එහි වගකීම වරාය අංගනවල සේවය කරන රෙගු නිලධාරීන් විසින් භාර නොගන්නා බවද අමිල සංජීව මහතා අවධාරණය කරයි.

”කන්ටේනර් 323කින් අතිබහුතරය රෙඩ් වශයෙන් සලකුණු කරන ලද බහාලුම්. දැඩි රේගු පරික්ෂාවට ලක්කළ යුතු බවට පරිගණක දත්ත පද්ධතිය මගින් හඳුනාගන්න ලද බහාලුම් 80%ක් රෙඩ් ලේබල් යටතේ පරීක්ෂා කරන්න නියමිත වෙලා තිබුන භාණ්ඩ. එහෙම භාණ්ඩ සමාජයට මුදාහරින්න කාටද නීතිමය අවසරයක් තියෙන්නේ? NMRA අනුමැතිය නැති බෙහෙත්, භාවිතයට නුසුදුසු සුවද විලවුන් අහිතකර භාණ්ඩ ත්බුනොත්, හොර බඩු,සිගරට් තිබ්බොත්, කුඩු තිබ්බොත් ගංජා තිබ්බොත් අවි යුධ තිබ්බොත් මින් ඉදිරියට අපේ අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගන්න බැහැ.” යනුවෙන් අමිල් සංජිව මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...