ලෝක බැංකු නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පපවත්වා ඇති අතර, එහිදී අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ  ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන ඇති බවයි. සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල්  අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කර සිටියාය.

ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසාර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...