හිටපු ඇමති මනූෂට එරෙහිව කෝටි 26ක වංචාවක් ගැන CID වෙත පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වින්දිතයින් 371 ක් නියෝජනය වන ලෙසයි එම පැමිණිල්ල ඉදිරිපත්ව ඇත්තේ.

විදේශ රැකියා සඳහා යොමුකරන බව පවසමින් මුදල් වංචා කර ඇති අතර එම විදේශ රැකියා ඒජන්සිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් වන අතර වසර දෙකක් තිස්සේ තම මුදල් ඉල්ලා හිටපු ඇමතිවරයාට,විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, පොලිස් කොමිසමට, පොලිස් මුලස්ථානයට පැමිණිලි කළද කිසිදු ආකාරයක සහනයක් නොලැබුණු බවයි ඔවුන් පැවසුවේ.

ඒ අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ ඒජන්සියේ හිමිකරුද ඩුබායි වෙත පලාගොස් සිටින බවත් ඔහුට එලෙස රටින් පලායාමට ඉඩ නොදෙන ලෙස මීට පෙර මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියද ඒ ගැන නොසලකා ඔහු කටයුතු කර තිබෙන බව එම වින්දිතයින් සඳහන් කරන ලදී.

ඒ අනුව මෙම වංචාව පිළිබඳ විමර්ශනය කර සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...