ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග රැසකට නඩු වැටෙන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගෙවුණු සඳුදා (20)දිනයේදී 47වන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝග රැසකට මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක නඩු ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් ජනපදයේ උපන් සියලුම මිනිසුන්ට එක්සත් ජනපද පුරවැ සිභාවය ලබා දීමේ ප්‍රතිපත්තිය හා දකුණු දේශ සීමාවේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට, ෆෙඩරල් විවිධත්ව වැඩසටහන් ආපසු හැරවීමට සහ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවයේ ෆෙඩරල් පිළිගැනීම අවසන් කිරීමට අත්සන් කරන ලද නියෝ ග ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ඩිමොක්‍රටික් ප්‍රමුඛ ප්‍රාන්ත සහ සිවිල් අයිතිවාසිකම් කන්ඩායම්, නීතිවේදීන් විසින් මේවන විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහය අභියෝගයට ලක් කරමින් නඩු රාශියක් ගොනු කර තිබේ.

වාර්ෂිකව උපදින දරුවන් 150,000 කගේ අයිතීන් අභියෝගයට ලක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිත්‍යානුකුල පුරවැසියන් නොවන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට එක්සත් ජනපද පුරවැසිභාවය නොදීමට ට්‍රම්ප් අත්සන් කරන ලද නියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, ACLU හි සංක්‍රමණික අයිතිවාසිකම් ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Cody Wofsy සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද භූමියේ උපත ලබන ළදරුවන්ට පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී, දැඩි ලෙස කුරිරු සහ රටක් ලෙස අපගේ වටිනාකම්වලට පටහැනි බවත්, 1868 දී අනුමත කරන ලද දහහතරවන ව්‍යවස්ථා සංශෝධනයේ අර්ථ නිරූපණයට අනුව එක්සත් ජනපදයේ උපන් හෝ ස්වභාවිකකරණය වූ සහ එහි අධිකරණ බලයට යටත්ව සිටින සියලුම පුද්ගලයන් එක්සත් ජනපදයේ පුරවැසියන් ලෙස පිළිගන්නා බවයි.

මැසචුසෙට්ස් නීතිපති ඇන්ඩ්‍රියා ජෝයි කැම්බල්ගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උදුරා ගැනීමට ජනාධිපති ට්‍රම්ප්ට බලයක් නැත යනුවෙනි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත 18ක එවැනිම නඩු ගොනුකර ඇති අතර මෙත් සමඟ ඉදිරි සති කිහිපය තුළ ඔහුට නීතිමය ක්‍රියාමාර්ග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...