‘ARTEMIS – II’: පෘථිවි කක්ෂය පසු කර සඳ වෙත ගමන් අරඹයි. “ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා” දර්ශනීය දර්ශන නාසා වෙත!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අභ්‍යවකාශ විද්‍යාවේ තීරණාත්මක මෙහෙයුමක් වන ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර ඇතැයි නාසා ආයතනය සිය නවතම යාවත්කාලීනවල දක්වා තිබේ.

සැලසුම් කර තිබූ පරිදි මෙහෙයුම ක්‍රියාත්මක වන පසුබිමක Orion යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවෙයි.

ඒ අනුව Orion යානයට අප්‍රේල් 6 වනදා (අමෙරිකානු වේලාවෙන්) මිනිස් ඇසට කිසිදා නොපෙනෙන සඳෙහි අඳුරු පැත්ත වටා ගමන් කරමින් නිරීක්ෂණය කිරීමට හැකි වෙයි.

“මේ අවස්ථාවේ කාර්ය මණ්ඩලය බොහෝ දුරට අඳුරු සඳක් දකිනු ඇත.සඳෙහි මතුපිටට පහර දෙන උල්කාපාතවලින් ආලෝක දැල්වීම්, සඳෙහි මායිමට ඉහළින් දූවිලි ඉහළට නැගීම සහ ග්‍රහලෝක ඇතුළු ගැඹුරු අභ්‍යවකාශ ඉලක්ක සොයා බැලීමට ඔවුන්ට අවස්ථාවක් උදා වනු ඇත” යනුවෙන් මේ සම්බන්ධයෙන් නාසා ආයතනය තවදුරටත් පවසා තිබේ.

මෙම මෙහෙයුම අතරතුර කිසිවෙකු සඳ මත ගොඩබසින්නේ නැති අතර ඔරියන් යානය සඳ වටා ගමන් කිරීම පමණක් සිදුවෙයි.

ඔරියන් යානය කක්ෂ ගත කිරීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා ගගනගාමීන් සිව් දෙනා අතර සිටින කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් පවසා තිබුණේ “මනුෂ්‍යත්වය නැවත වරක් අපට කළ හැකි දේ පෙන්වා දී ඇත” යනුවෙනි.

මේ අතර මෙහෙයුමේ සිටින කමාන්ඩර් රීඩ් වයිස්මන් “ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා” පෘථිවියේ “දර්ශනීය” දර්ශනය නාසා වෙත සජීව විස්තර කර තිබේ.

නාසා ආයතනය සිය මෙහෙයුමේ “දෝෂ රහිත” බව ගැන විශ්වාසයෙන් පසුවෙන අතර සියලුම ගගනගාමීන් “විශිෂ්ට ලෙස ක්‍රියා කරන” බව ප්‍රකාශයට පත් කර ඇත.

වසර 53කට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම මෙය වේ.

මෙම මෙහෙයුමේ මූලික අරමුණ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය.

මෙය දින 10ක මෙහෙයුමක් වන මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම මිනිස් මෙහෙයුම ලෙස හදුන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...