ඕපා මළගෙදර ගිහින් ….

Date:

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ මන්ත්‍රීලට වාහන ඩියුටි ෆ්‍රී එක හම්බවෙන හින්දා රජයෙන් ඩියුටි ෆ්‍රී එක ගන්න ඕන නිසා හිටිය මන්ත්‍රීලගෙ ගානටම වගේ බ්‍රැන්ඩ් නිව් ඩබල් කැබ්, කේ.ඩී.එච්. ගත්තා.. ඒකත් හරියට ලාබෙට දත් ගලවන නිසා කටේ දත් ඔක්කොම ගලවගත්තා වගේ වැඩක් උනේ..

මේ කාලේ පක්ෂෙ ගොඩ දෙනෙකුට රථගාය හැදෙන්ට ගත්තා..මේ කාලේ ඕපාත සහෝදරයා පක්ෂයේ දේශපාලනය මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයෙක්ව ඉඳිද්දිත් අර කැබ්, වෑන් මෑන් පාවිච්චියට ගත්තේ නෑ. මට හිතන්නෙ මෑන් අනික් සගයො ගිලෙමින් තිබුන අධිපරිභෝජනවාදයේ තනිවම නොගිලී ඉන්ට ෆයිට් එකක් දුන්නා..

එයා කොළඹ ඉඳන් බදුල්ලට, අනුරාධපුරේට සාමාන්‍ය ගාස්තුව දීලා බස් එකේ ගියා. එක එක්කෙනාදීපු බයිසිකල්වලින් කමිටු කැඳවන්ට රටපුරා ගියා.. කීප සැරයක්ම බයිසිකලේ ඇක්සිඩන්ට් වෙලා හදිසි අනතුරු වාට්ටුවේ අත් කකුල් එල්ලන් හිටියා.. අපි බලන්ට ගියාමත් මෑන් හිනාවෙවී ඇහුවෙ අපෙ ප්‍රශ්න..

අර කට්ටියට තෝමස් මල්ලි සපත්තු අරන් දෙනකොට මෙයා පරණ සෙරෙප්පුම අඩි ගහගහ දැම්මා.. දවසක් පටි කැඩුන හං සෙරෙප්පු දෙක දාගෙන කකුල ඇද ඇද මෑන් මම හිටපු තැනකට ආපු දවසක මම ඇහුවා මගෙ ලඟ සල්ලි තියෙනවා සපත්තු දෙකක් අරන් දෙන්නද කියලා, ඒ වෙලාවෙ එයා කිව්වෙ මේක තව පාරක් මහලා දාන්ට පුලුවන් කියලා..

දවසක් කුමාර් මට තනිවම හම්බවෙලා කතාකරකර හිටපු දවසක කුමා විහිලුවට වගේ කිව්වා ඕපාට කවුරුහරි අලුත් කලිසමක් අරන් දුන්නොත් ඒකෙත් හිල්කරලා මෑන් අඳින්නෙ කියලා.. ඒ වෙලාවෙ මට හිනාගියා, පස්සෙ එයා එයාගෙ මතවාදයට කොච්චර අවංකද කියලා මට මෑන් එක්ක බොක්කෙ ලව් එකක් දැනුනා..

එක කාලෙක පක්ෂෙට සල්ලි ගලාගෙන ආපු කාලෙ පැලවත්තෙන් පක්ෂෙට ඉඩමක් ගත්තා. ඊලඟට ඒ ඉඩමෙ පොලොවට පයිල් බස්සලා මාබල් අල්ලපු දැවැන්ත මාළිගාවක් වගේ මූලස්ථානයක් හැදුවා. පස්සෙ මට හිතුනා ඒ හැදුවේ ජයග්‍රහනයේ මාළිගා නෙමේ පරණ සරල විජේවීරවාදයේ සොහොන් ගේ කියලා..

ඒකාලෙත් අනෙක් නායකයො වගේ ඕපා කාර්යාල මාළිගාවට හැමවෙලේම රිංගන්න ගියේ නෑ, මෑන් හිටියෙ පක්ෂෙ ෆාම්වල, සහ ශ්‍රමදාන තැන්වල, වැඩවෙන තැන්වල..

ඕපට මතවාදී ප්‍රතිවාදියො හිටියට අනික් වම්මුන්ට වගේ එයාට පුද්ගලික හතුරො හිටියෙ නැති තරම්. මට හිතෙන්නෙ වමේ පොදු කල්ලිවාදය අබිබවාගිය මානවවාදයක් මෑන්ගෙ ජානවලම තිබ්බා.. මෑතකාලයේ ඕපා නොහිටිය වමට ගෑවිච්චවත් මළ ගෙදරක් තිබුනේ නැති තරම්..

මට දැනෙන්නෙ ඕපාත කියන්නෙ වඳවෙලා යන සමාජවාදී ලෝකය ඇතුලේ මෑන් මහ පතාක ඩයිනෝසරයෙක් විදියට..

ඉස්සෙල්ලා එයා යයිද අපි යයිද නම් දන්නෙ නෑ, ඒ උනාට මිනිහෙක් නැති උනාට පස්සෙ ගුණාවයලා වැඩක් නෑ, ලියන එකක් ඉන්න කාලේ ලියන්ට ඕන ඒකයි මේක ලිව්වෙ..

අපෙ ආයුෂත් අරන් ඕපා තව කාලයක් ඉන්නවා නම් කැමතියි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...