දුප්පතුන්ගේ දරුවන්ටත් ඉංග්‍රීසි හා පරිගණක භාෂා දැනුම ලබාගැනීමේ අයිතිය දිය යුතුයි – සජිත්

Date:

මෙරට දැන් පවතින අධ්‍යාපන ක්‍රමය දිගින් දිගටම පැවැතිය හොත් අප රට කපෝති බවත් ගෝත්‍රික සටන් පැවැති රුවන්ඩාව අප්‍රිකාවේ සංවර්ධිත රටක් ලෙස ඉදිරියට පැමිණියා සේ අප රට තුළ ද එවැනි සංවර්ධනයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ව්‍යාපාරිකයාගේ, ධනපතියාගේ මෙන් ම ගොවියාගේ, ධීවරයාගේ දරුවන්ට ද ඉංග්‍රීසි හා පරිගණක භාෂා දැනුම ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා ඇතුළු සමගි ජන බලවේගය සක්වල වැඩසටහන තුළින් මේ වන විට අධ්‍යාපනයේ ඇති බෙදීම වළක්වා ගැනීමට විශාල වැඩකොටසක් ඉටු කර ඇති බවත් නමට සහ බෝඩ් ලෑල්ලට සීමා වී තිබූ ජාතික පාසල් සඳහා ද විශාල සම්පත් රාශියක් බෙදා දුන් බවත් තමාගේ එකම අරමුණ වී ඇත්තේ මෙරට පාසල් සිසුන් සහ තරුණයන් කැට හොල්ලන පරම්පරාවක් බවට පත් නොකර සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පරපුරක් බවට පත් කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා ගොමරන්කඩවල දී පැවැති ජන හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජයග්‍රහණය කරන පළාත් පාලන මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කිරීමට නම් එන්නේ ඔවුන්ට පක්ෂයේ ඉඩක් නොමැති බවත් ඔවුන්ට කොන්ත්‍රාත් කිරීමට අවශ්‍ය නම් පොහොට්ටුවට හෝ යූඇන්පීයට යා හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මහජන මුදල් විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩක් නොමැති බව ද හෙතෙම පැවසීය.

එසේ ම ජනතාවගේ මුදල් සහ දේපල අයථා ලෙස භාවිත කිරිමට, හොරා කන්න, කොල්ලකන්න, ගසා කන්න කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔහුට හෝ ඇයට සමගි ජන බලවේගය මන්ත්‍රිධුර හිමි නොවන බවත් මන්ත්‍රිවරයකු වීම ලෙහෙසි දෙයක් නොවන බවත් එම වගකීම නිවැරදිව ඉටු කරනවාද යන්න සොයා බැලීමට අදාළ ප්‍රදේශයේ සිටින තරුණයන්ගෙන් යුත් කමිටු ඇති කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කිසිදු අවස්ථාවක මන්ත්‍රීවරුන්ට කොමිස් ගැනීමට, පගා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදවච්චියේ සභාපති මාලිමාවෙන්, උප සභාපති පොහොට්ටුවෙන් !!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන...

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...