ස්ථිර ජනාවාසයක් ගොඩනැගීමේ අරමුණෙන් නාසා ආයතනය ඓතිහාසික ආටෙමිස් II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වසර 50කට පසු නාසා ගගනගාමීන් අවසන් ඇපලෝ මෙහෙයුමෙන් අඩ සියවසකට වැඩි කාලයකට පසු නැවත සඳ මතට ගොඩබැසීමට ඓතිහාසික ආටෙමිස් II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ. මෙවර ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ සඳ මත රැඳී සිටීමයි.

මෙම මෙහෙයුම ගගනගාමීන් නැවත සඳට ගෙනැවිත් අවසානයේ අඟහරු ග්‍රහයා වෙත යැවීමේ නාසා ආයතනයේ සැලැස්මේ ප්‍රධාන පියවරක් වන අතර ආටෙමිස් II අභ්‍යවකාශ මෙහෙයුම ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ආරම්භ වී ඇති අතර, ගගනගාමීන් හතර දෙනෙකු මෙලෙස සඳ වටා ඓතිහාසික ගමනක් යවා ඇත.

ආටෙමිස් වැඩසටහනේ දිගුකාලීන ඉලක්කය වන්නේ සඳ මත ස්ථිර ජනාවාසයක් ගොඩනැගීමයි. දියත් කිරීමේ කණ්ඩායම අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධති රොකට්ටුවට ඉන්ධන ගැලුම් 700,000 කට වඩා (ලීටර් මිලියන 2.6) සාර්ථකව පටවා ඇති අතර මෙවර ආටෙමිස් II කාර්ය මණ්ඩලයට නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ජෙරමි හැන්සන් සඳ වටා දින 10 කට ආසන්න ගමනක් සඳහා සූදානම් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...