නොරොච්චෝලේ හරියද්දී කැළණිතිස්ස නවතී …

නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රිය කර තිබුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (22) වනවිට යළිත් සක්‍රිය කර තිබේ. ඒ අනුව, නොරොච්චෝලේ බලාගාරය මේ වනවිට සම්පූර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියා කරයි.

කෙසේවෙතත් අද අලුයම සිට කැළණිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය වී තිබේ. ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් නැප්තා ඉන්ධන සංචිත නොමැති වීම හේතුවෙනි. මේ නිසා අද සිට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් අහිමි වී තිබේ.

RN