භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු – තේරිම්භාර නිලධාරීන්

Date:

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසන්නේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බවයි. මෙය දිස්ත්‍රික්ක කිහිපයක දක්නට ඇති බවද පවසයි .

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කරන්නේ , ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා පමණක් වූ බවයි.

නාමයෝජනා පත්‍ර භාරගැනීමෙන් පසු ඒ සඳහා විරෝධතා දැක්වීමට පැය 1.30 ක කාලයක් ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ලබා දී තිබුණි. පසුව දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් දැනුම් දුන් අතර නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වී තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ නැතිබව සඳහන්. තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහනගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් කර නැති බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ද ප්‍රතික්ෂේප විය.

නිදහස් ජනතා පෙරමුණ තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝපේ පොද්දල සහ අක්මීමන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී ඇත. ස්වාධීනව තරග කිරීම සඳහා පුද්ගලයෙකු සිය නාමයෝජනා පත්‍රය ලබාදී ඇතත් නීතිඥවරයෙකුගේ හෝ සාමදාන විනිශ්චය කරුවෙකුගේ අත්සන හා නිල මුද්‍රාව නොතීබීම නිසා එයත් ප්‍රතික්ෂේප වී ඇත. ඒ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය සභාවට අයත් නාමයෝජනාවකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ සුල මුල එළියට !

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: ඊයේ (13) දහවල් ඝාතනයට...

ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන්...

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවද්දී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...