චීනයේ තීරණය අද ලැබේවි ද???

Date:

පසුගියදා ( 16 වැනිදා ) ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ස්ථාවරය පසුගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබූ අතර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අද (22) දිනයේ ශ්‍රී ලංකාව පිළිබඳ චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බවත් එය චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය.

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, සාකච්ඡාවේ රහස්‍යභාව ආරක්ෂා කිරීම හේතුවෙන් අදාළ සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ ලබාදෙන ණය පහසුකම පිළිබඳ සිය එකඟතාව පළකිරීම සිදුවන්නේ චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ ස්ථාවරය හිමිවීමෙන් පසු බව සඳහන්. ඊට හේතුව ශ්‍රී ලංකාවට ප්‍රධානතම ණය ලබාදුන් රටවල් දෙක වන්නේ ඔවුන් නිසාවෙනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...