ICTA ලෝක බැංකුව හා එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමකට මුලපුර​යි

Date:

මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට මුල්‍ය හා තාක්ෂණික උපදේශන සේවා සැපයීමට ඉදිරිපත්වේ.

මෙහි ප්‍රධා​න අරමුණ වන්නේ ව්‍යාපාරික, ඩිජිටල් මෙවලම් සහ සේවා භාවිතා කිරීම, සහ ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීමයි.

ඒ සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනලද මෙරට ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට අදාලව ඩිජිටල් රාජ්‍ය සේවා, ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් යටිතල පහසුකම් සේවා පිළිබද ප්‍රගතිය සමාලෝචනය කිරීම ඒකාබද්ධ තාක්ෂණික අධ්‍යයනයක් ආරම්භ කරතිබේ.

එමගින් ඩිජිටල් තාක්ෂණික පරිවර්තන ව්‍යාපෘති ඉදිරියට ගෙනයාම සදහා ඔවුන්ගේ නිර්දේශ ලබා දීමත්, ප්‍රතිපත්ති, ආයතනික පාලනය, ගිණුම්-බලපත්‍ර රාමු, නීතිමය ප්‍රතිපත්ති සහ නියාමන වගවීම් පිළිබඳව තක්සේරු කර උපදෙස් ලබාදීමත් සිදුකෙරෙනු ඇත.

එමෙන්ම ඩිජිටල් තාක්ෂණික පරිවර්තන ක්‍රියාවලියේ වත්මන් අභියෝග අවබෝධ කර ගැනීමට සහ අවශ්‍ය සහාය ලබාදීම නිර්දේශ කිරීමට ලෝක බැංකු මෙහෙයුමේ නියෝජිතයින් අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ ද සාකච්චා පවත්වනු ඇත. මෙමගින් ඩිජිටල් සන්වර්තන ක්‍රියාවලිය ශක්තිමත්කිරිම, රාජ්‍ය අංශය හරහා ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා වත්මන් ක්‍රියාවලීන් තක්සේරු කිරීම, කළමනාකරණය, හැකියාවන් සංවර්ධනය, අධීක්ෂණය සහ ඇගයීම, සහ ආයතනික ධාරිතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඩි

ජිටල් රාජ්‍ය ක්‍රියාවලිය ව්‍යාපතිය වේගවත් කිරීම සහ අදාළ නියෝජිතායතනවල ධාරිතා සංවර්ධන අවශ්‍යතා ඇතුළුව මාර්ග සිතියමක් සංවර්ධනය සදහා ප්‍රමුඛත්වය දීම තවත් අරමුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...