සටන් විරාමයකට ඇමරිකාවෙන් ඉරානයට යෝජනාවලියක් දෙන්න හදද්දී ඉරානයෙන් තදබල ප්‍රතිචාරයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:යුද්ධය අවසාන කිරීම වෙනුවෙන් ඇමරිකාව විසින් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති පසුබිමක ඉරානය පාර්ශවයෙන් අවධාරණය කරන්නේ ඇමරිකාව සමඟ කිසිදු එකඟතාවක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති පරිදි පාකිස්තානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගදම් පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර “සෘජු හෝ වක්‍ර සාකච්ඡා” සිදුවී නොමැති බවයි.

සම්බාධක සහන, සිවිල් න්‍යෂ්ටික සහයෝගීතාව, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ පසුබෑමක් ඇතිකරගැනීම,ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් නිරීක්ෂණය කිරීම,මිසයිල සීමාවන් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම සඳහා ප්‍රවේශය ඇතුළු කාරණා සහිත යෝජනාවලියක ඇමරිකාව විසින් ඉංයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආර්ථික කටයුතු අමාත්‍ය නිර් බාර්කත් පවසා ඇත්තේද ඇමරිකාවේ යෝජනාවලියට බොහෝදුරට ඉර්නය අකමැති වනු ඇති බවයි.

ඉරාන පාලනය “වෙනස් නොවනු ඇත” යනුවෙන්ද ඔහු පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...