ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිතව අවසන් වටයට

Date:

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි තරගයද ජය ගනිමින් අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

පළමු වටයේ ඩී කාණ්ඩයේ අවසන් තරගයට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 03 ක ජයග්‍රහණයක් වාර්තා කළේය. මීට පෙර ශ්‍රී ලංකාව හමුවේ ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව පරාජයට පත් විය.

ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව කොදෙව්වන්ට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 250 ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ යම් තරමකින් හෝ සාර්ථක වූ කෙවින් වික්හැම් ලකුණු 56 ක් වාර්තා කළේය. තරගාවලිය පුරා පන්දුවෙන් සාර්ථක දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේදීද සිය පන්දුවාර 10 අවසන් කළේ නිලකුණු පන්දුවාර දෙකක්ද සමගින් ලකුණු 39 කට කඩුලු 03 ක් දවා ගනිමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර පළමු පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ ලකුණු 04 කට දැවී ගියේය. ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා ෂෙවෝන් ඩැනියෙල් සමග ලකුණු 52 ක සබඳතාවයක් පැවැත්වීමට සදිශ රාජපක්ෂ සමත් විය. ලකුණු 199 දී පස්වැනි කඩුල්ල ලෙස සදිෂ දැවී යනවිට ලකුණු 76 ක් වාර්තා කරගෙන තිබිණි.

ලකුණු 234 කට කඩුලු 07 ක් දැවී ගොස් තිබියදී පිටියේ එක් වූ රනුද සෝමරත්න සහ යසිරි රොඩ්‍රිගෝ අටවැනි කඩුල්ලට ලකුණු 14 ක සබඳතාවයක් පවත්වමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර ඒ වනවිට පන්දුවාර 48.2 ක් වැය වී තිබිණි.

එක් අන්තයක කඩුලු එකිනෙක බිඳවැටෙද්දී ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ සදිෂ රාජපක්ෂ තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ තරග 03 ක් අවසානයේදී කඩුලු 13 ක් දිනා ගනිමින් මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටී.

ඩී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම ඔස්ට්‍රේලියාවයි. සත්කාරක කොදෙව් කණ්ඩායමට ප්ලේට් ශූරතාවය සඳහා තරගවැදීමට සිදුව තිබේ.

සෙසු කාණ්ඩවලින් ඒ කාණ්ඩයෙන් තරගවැදුණු එංගලන්තයද තරග තුනම ජය ගනිමින් තවමත් අපරාජිතව සිටී.

ශ්‍රී ලංකාව සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග 26,27,29 යන දිනවලදී පැවැත්වේ.

තරගාවලියේ ලකුණු පුවරුව…….

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...