අපි තීරණ ගත්තට නිළධාරීන් හරියට වැඩ කළේ නෑ – හරිත ගොවිතැන අසාර්ථක උනේ ඒ නිසා

Date:

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ආරම්භ කළ පළමු කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නිසිපරිදි බෙදාහැරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට තීරණය කළ නමුත් නිළධාරීන්ගේ අඩුපාඩු හා අතපසුවීම් නිසා ඒ පිළිබඳව නිසි පරිදි ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පවසන්නේ.

මහ කන්නයේදී ඇති වූ අඩුපාඩු පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන ඉදිරි යල කන්නයේදී පොහොර බෙදීමේ කටයුතු නිසි පරිදි සිදු කරන බවයි මහනුවරදී මාධ්‍ය අමතමින් මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. ජනතාව අපහසුතාවයට පත් නොකර කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට අදාල තීන්දු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද ඔහු පවසනවා.

මහ කන්නයේ වී ගොවිතැන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන තරම් ගැටලුවක් නොමැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි. වෙනදාට වඩා මෙවර බොල් අස්වැන්න අවම වන බවත්, ඒ අනුව වගා කරන බිම් ප්‍රමාණය අඩු වුවද ලැබෙන අස්වැන්න වැඩිවන බවත් මේ නිසා ගොවීන්ට අස්වැන්න සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් අළුත්ගමගේ මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික්ක කිහිපයක මතුව ඇති ගැටලු පිළිබඳව අධ්‍යයනය කළ බවත් ඒ අනුව සමස්තයක් ලෙස 20% ක පමණ අස්වැන්න අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඇමතිවරයා පවසනවා. මේ පිළිබඳව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බවත්, වී ගොවීන්ට ලබාදෙන මිල සම්බන්ධයෙන් සහ වගා හානි සඳහා ලබාදෙන වන්දි සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...