*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ලාභ ලබන සීනි කම්හල්

පසුගිය පාලන සමයේ පාඩු ලබමින් කඩා වැටී තිබූ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ඉතිහාසයේ වැඩිම ලාභ උපයා මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදෙන තත්ත්වයට පත්ව ඇත. ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් ආණ්ඩුවේ සාර්ථක ප්‍රථිඵල නිසා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවූ බව ඉතාමත් සතුටට කරුණකි. මීට වසර දෙක තුනකට කලින් මෙම ආයතනය තිබූ තැන ඉතාමත් අසාර්ථකය. සේවයක් සඳහා වැටුප් ගෙවීමට නොහැකි විය.

නිශ්පාදනය වූ එතනෝල් කුණු කොල්ලයට විකුණා දැමිණි. නිශ්පාදනය වූ සීනි රුපියල් 62 /= කට ගැනුම් කරුවන් වෙත ලබා දී තිබිණ . කලු කඩ වෙළෙන්ඳාගේ ආදායම් සරු වී තිබිණ . නමුත් මේ වනවිට වසරකට දෙවරක් මෙහි සේවයක් සඳහා වැටිපට අමතරව ලාභ බෙදීමක් සිදු කර ඇත . අද වනවිට මෙහි සේවකයන් ඉතා තෘප්තිමත් අවස්ථාවකට පැමිණ ඇත. එදා ඇඬූ කඳුළින් සිටි සේවකයන් පිරිසක් සිටි පැල්වත්ත සීනි කම්හල අද නිශ්පාදනයේ උපරිම ප්‍රථිඵල නෙළාගනිමින් සිටී. වත්මන් ආණ්ඩුව බලයට පත්වී මෙම සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගන්වද්දී සේවකයන් සඳහා වැටුප් ගෙවීමට මුදල් තිබුණේ නැත.

සෙවනගල මහජන බැංකුවෙන් ලක්ෂ 1,600 ක් ගෙන සෙවනගල සීනි කම්හල් සේවකයන් සඳහා වැටුප් ගෙවා ඇත. එසේම පැල්වත්ත මහජන බැංකුවෙන් මිලියන 500 ක් පැල්වත්ත සීනි කම්හල් සේවක පිරිස සඳහා වැටුප් ගෙවා ඇත. නමුත් මේ අවස්ථාව වනවිට සේවකයන් සඳහා වසරට බෝනස් මුදල් දෙවතාවක් ගෙවමින් , උක් ගොවීන් සඳහා මුදල් ද් වැඩිකර ලක්ෂ 15,000ක් පමණ අදාල බැංකු ශාඛා දෙකෙහි ලාභ තැම්පත් කර ඇත. එදා උක් අස්වැන්න ගෙන යෑමට ප්‍රවාහන වන ලොරි , ට්‍රක් සඳහා වල ගොඩැලි සහිත මාර්ගය ද අද සියල්ල සංවර්ධනය වී ඇත. අතීතයේ ඒ සියල්ල ලබා ගැනීමට උත්ඝෝෂණ කිරීමට සිදු වූ අතර අද ඒ සියල්ල වෙනස් වී ඇත. ඉතාමත් සාර්ථක තත්ත්වයක් උදාකරගත් මෙම දේශීය කම්හල් වලට නව ප්‍රාණයක් දුන් වත්මන් නායකත්වය සහ රජයට හෘදයාංගම ස්තූතිය පිරිනැමිය යුතුය .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan