මිල්කෝ සභාපතිට වෙච්ච දේම ලුණු සංස්ථාවේ සභාපතිටත් !

Date:

තවත් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරයෙකු ඉවත් කර තිබෙනවා. ඒ ලංකා ලුණු සංස්ථාවේ සභාපති නිශාන්ත සඳබරණ මහතායි.

සඳබරණ මහතා සභාපති තනතුරට පත්වන විට ලුණු සංස්ථාව රුපියල් මිලියන 100 ක අලාභයක් අත්පත් කරගෙන සිටි අතර සඳබරණ මහතාගේ සභාපතීත්වය යටතේ එම සංස්ථාව ලාභ ලබන තත්වයට පත්ව තිබේ. මේ වනවිට ලුණු සංස්ථාව සතුව රුපියල් මිලියන 500 ක තැන්පතුවක් සහිත ආයතනයක් බවට පත්ව තිබේ.

සඳබරණ මහතා ඉවත් කර තිබෙන්නේ එවැනි පසුබිමක් තිබියදීය.

මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයාද හදිසියේ තනතුරින් ඉවත් කළ අතර කෙසේ නමුත් පසුව ඔහු ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළේය.

ලුණු සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව පසුගිය දිනවලදී උපවාසයක්ද ක්‍රියාත්මක විය. ඒ, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීම මතයි. එරාජ් රවීන්ද්‍ර මහතා සභාපතිවරයාට එරෙහිව උපවාසයක් අරඹමින් සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සභාපතිවරයා පත්කර ඇති නමුත් ඔහු තමන්ගෙ ඥාතීන්ට පමණක් සෞභාග්‍යය උදා කරමින් සිටින බවයි. සභාපතිවරයා අස් නොකළහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවද හම්බන්තොට නගරාධිපතිවරයා සඳහන් කර තිබිණි.

හම්බන්තොට නගරාධිපතිවරයා එසේ පැවසුවද සඳබරණ මහතා ඉවත් කිරීමට නගරාධිපතිවරයා මැදිහත් වීමේ සැබෑ හේතුව ලුණු සංස්ථාවෙන් ඔහුට ලැබුණු කප්පම් මුදල් අහිමි වීම බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. නගරාධිපතිවරයා වෙත ගෙවූ කප්පම් මුදල් අත්හිටුවීමට පියවර ගෙන තිබෙන්නේ නිශාන්ත සඳබරණ සභාපතිවරයා විසිනි.

විරෝධතා, සත්‍යග්‍රහ පවත්වා සභාපතිවරයා ඉවත් කිරීමට නොහැකි වූ තැන එරාජ් රවීන්ද්‍ර මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හමු වී, ලුණු සභාපතිවරයා ඉවත් කරන ලෙස බලපෑම් සිදුකර තිබෙනවා. එම බලපෑම් හමුවේ චමල් ඇමතිවරයා සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ලුණු සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

සිය දෙටු සහෝදරයාගේ දැඩි බලකිරීම මත සඳබරණ මහතා ඉවත් කිරීමට අගමැතිවරයා එකඟ වී ඇති අතර ඔහු චමල් රාජපක්ෂ මහතාට පවසා තිබෙන්නේ ‘එහෙනං ඔයා කැමති කෙනෙක් පත්කර ගන්න’ යනුවෙනි.

ලුණු සංස්ථාවේ සභාපති තනතුර අහිමි වූ නිශාන්ත සඳබරණ මහතා ලබන සඳුදා හෝ අඟහරුවාදා මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ හෙලිදරව්වක් සිදු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...