ඉන්ධන අවසන් වීමෙන් සපුගස්කන්ද බලාගාරය නවතී

ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අද (22) පස්වරුවේ සිට වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 100ක් අහිමි වන බව සඳහන්.

කෙසේවෙතත් අද දිනයේ විශාල විදුලි ඉල්ලුමක් නොමැති නිසා විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පැවසුවේ.

RN