සෙන්තිල් තොණ්ඩමාන් හමු වූ ආධ්‍යාත්මික නායක ශ්‍රී රවි ශංකර් ගුරුජි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික නායකයකු වන ශ්‍රී රවි ශංකර් ගුරුජි මහතා හමුවී ආශිර්වාද ලබාගැනීමෙන් පසු නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා , ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී රවි ශංකර් ගුරුජි මහතාට ආරාධනා කර ඇත.

ඔහුගේ ආර්ට් ඔෆ් ලිවිං සංවිධානය හරහා ආර්ථික වශයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් සඳහා ආධාර කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා ක ඇති බව සඳහන් වේ.

ආර්ට් ඔෆ් ලිවිං සංවිධානය යනු ලොව පුරා සිටින පුද්ගලයින්ට තම ජීවිතය සාර්ථකව ගෙන යාමට මග පෙන්වීම සහ සහාය ලබා දෙන ගෝලීය සංවිධානයකි.

ශ්‍රී රවි ශංකර් ගුරුජි විසින් ආණ්‌ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාට සදාචාරය සහ ජීවන ආචාර ධර්ම පිළිබඳ ග්‍රන්ථයක් ද මෙහිදී ප්‍රදානය කර ඇත,

නැඟෙනහිර පළාතේ සිදුකෙරෙන වැඩකටයුතු පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කර සිටි බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...