පොලීසියෙන් අද සිට තවත් අළුත් මෙහෙයුමක්!

Date:

කොළඹ LNW:පොලිස් සමීප රූප ආවේශණ කොට්ඨාසය විසින් අද (22) සිට නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ,කොළඹට ඇතුල්වෙන රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා වූ CCTV පද්ධති පරීක්ෂාව සහ ජංගම නිරීක්ෂණ සේවයයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹට ඇතුල්වෙන ස්ථානවල පුවරු සවි කිරීමද අද ආරම්භ විය.

ඒ අනුව රාජගිරිය මාර්ගයේ සවිකළ මහජනතාව සහ රථවාහන රියදුරන් දැනුවත් කිරීමේ පුවරු අද (22) විවෘත කෙරුණි.

උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්වූ අතර එම මාර්ගයේ පොලිස් CCTV ජංගම රථවලින් මාර්ගය නිරීක්ෂණ කටයුතු ද සිදු කරන ලදී.

අපරාධ හා රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ,නියෝජ්‍ය පොලිස්පති රථවාහන ඉන්දිකහපුගොඩ මහතාඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...