Isha කුණාටුව නිසා නිවාස 48,000ක් අඳුරේ ගිලෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු අයර්ලන්තයේ Isha කුණාටුව හේතුවෙන් නිවාස 48,000කට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කුණාටුව හේතුවෙන් උතුරු අයර්ලන්තයේ විදුලිබල ජාලයට විශාල හානියක් සිදුව ඇති බවයි.

පරිශ්‍රයන් 170,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය නැති බවද සඳහන් වේ.

ගස් කඩා වැටීමත් සමඟ ගුවන් ගමන් සහ පාරු යාත්‍රා අවලංගු කර ඇති අතර මාර්ග ගමනාගමනයටද බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තද සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...