2024 ජනවාරි 22 යනු දින දර්ශනයේ දිනයක් පමණක් නොව නව යුගයක ආරම්භය සනිටුහන් කරයි – මෝදි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 22, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු අයෝධ්‍යාවේ සුවිසල් හින්දු කෝවිල වන රාම් ජන්මභූමි මන්දිරය විවෘත කිරීම අද උදෑසන යෙදුනු සුභ මොහොතින් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් සිදු විය.

මෙය කිරීමත් සමඟ විචාරකයන් සඳහන් කර තිබුණේ, මොදිගේ 2024 මැතිවරණ ව්‍යාපාරයේ නිල නොවන ආරම්භයක් මේ සමඟ සනිටුහන් වූ බවයි.

දේශපාලඥයින්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩා සහ සිනමා ප්‍රකට පුද්ගලයන් මිලියන ගණනින් රටපුරා නැරඹූ අතර, දෙව් රජු නියෝජනය කරන සෙන්ටිමීටර 130 (අඟල් 51) උස, රාම දෙවියන්ගේ කළු ගල් ප්‍රතිමාව දැක වැඳ සාමය සහ සෞභාග්‍යය හා ආරක්ෂාව ප්‍රර්ථනා කිරීමට දහස් සංඛ්‍යාත හින්දු භක්තිකයන් පැමිණ සිටිණු ලැබිය.

රාම්ගේ දේවත්වය ඉන්දියාවේ ප්‍රමුඛ ආගමික බලවේගය පමණක් නොව තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය සහ මැලේසියාව වැනි රටවල පුරාණ සංස්කෘතික උරුමයේ කොටසකි.

දේව මන්දිරය විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවේ 2024 ජනවාරි 22 යනු දින දර්ශනයේ දිනයක් පමණක් නොව නව යුගයක ආරම්භය සනිටුහන් කරන බවයි.

මෙම කෝවිල සියවස් ගණනාවකට පෙර ඓතිහාසික මෝගල් යුගයේ මෝගල් අධිරාජ්‍යයා වූ බාබර්ගේ නමින් නම් කරන ලද බබ්රි පල්ලිය පිහිටා තිබු මුස්ලිම් පල්ලියක නටබුන් මත ඉදිකරන ලද අතර 1992 දී හින්දු මැර පිරිසක් විසින් එය කඩා දමන ලදී. මෙම සිදුවීම ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක නිකායික කෝලාහල ඇති කළ අතර, බොහෝ විට මුස්ලිම්වරුන් 2,000 ක් පමණ මිය ගියහ. අනතුරුව හින්දු භක්තිකයන් 2019 දී දීර්ඝ නීතිමය සටනකින් ජයග්‍රහණය කළ අතර, ඔවුන්ට දේවමාළිගාව තැනීමට මෙම ස්ථානයේ ඉඩ ලබා දුන් අතර, නව ව්‍යුහයක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට විනාශ කරන ලද බාබ්රි පල්ලිය තිබූ ස්ථානයෙන් සැතපුම් ගණනක් දුරින් ඉඩමක් ලබා දෙන ලදී.

කෙසේ නමුත් මිලියන 200 ක පමණ මුස්ලිම් ජනයාගේ නිවහන වන ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වන ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් හින්දු භක්තිකයන් 80% ක් පමණ වන අතර හින්දු ආගමික චාරිත්‍රයකට නායකත්වය දෙන විවිධාකාර, ව්‍යවස්ථාපිත ලෞකික රාජ්‍යයක් පිළිබඳ අදහස කණගාටුදායක තත්වයක් වන බවයි මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...