පොල්කිරි සහ සම්බෝල කෑමෙන් ජනතාව පොල් නාස්ති කරනවා – කර්මාන්ත නි. ඇමති චතුරංග

Date:

රටේ ජනතාව ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.

මේ වසරේ පළමු මාස හතර සඳහා පොල්ගෙඩි මිලයන 200ක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේලන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. ඉතින් සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 22) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...