විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන බවද වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...