කොළඹ LNW:සමඟි ජන බලවේගය මේ මොහොතේ කටයුතු කරමින් සිටින ආකාරය අනුව ඔවුන්ට කිසිම දවසක මේ රටේ ජනතාව දිනාගත නොහැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.
ඒ, අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
එක අවස්ථාවක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හිටගනිමින් ඒ සමඟ රනිල් වික්‍රමසිංහ සමඟත් සාකච්ජා කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිලිවෙලටත් සහය දෙන බව කීම කුමන දේශපාලනයක් ද යන්න බිමල් රත්නායක මහතා විමසා සිටියේය.
”සමඟි ජන බලවේගය කියන පක්ෂය සහය දෙන්නේ රාජපක්ෂ රෙජීමයටද රනිල් වික්‍රමසිංහ රෙජිමයටද? නැත්නම් මේ පුන පුනා කියන ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිලිවෙලටද? මොකද ගරු සභාපතිතුමනි සජබය මේ දවස වල රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙන්න සාකච්ජා කරනවා. රනිල් වික්‍රමසිංහ කරපු දේශපාලන,ආර්ථික අපරාධ නිසා තමයි මේ රටේ ජනතාව රනිල්වත් ගෙදර යවල හෝදලම යවල එකසිය පනස් ගාණක් අපි ඉල්ලන්නෙත් නැතිව අපිව එවල තියෙන්නේ. එච්චර ඉල්ලුවේ නැහැ. හැබැයි දිනන බව දැනගෙන හිටියා. දැන් ඒ අපරාධකාරයෝ, මේ රට විනාශ කරපු රනිල්ගේ රෙජීමයත් එක්ක ඔබතුන්මන්ලා කරන සාකච්ජා මොකක්ද? එතන සාකච්ජා අකරණ ගමන මෙතන ක්ලීන් ශ්‍රී ලංකා එකට සහයෝගය දෙනවා කියන්නේ මොකක්ද?ඔබතුමන්ලාගේ කතා එකතු කරලා බැලුවොත් කතාවේ ටෙක්ස්ට් එක වෙන වෙනම කොලම් දෙකකට දාලා බලන්න. මේ ටෙක්ස්ට් එක ඊළඟ එකට විරුද්ධයි. කිසිම පදනමක් නැහැ. ඔබතුමන්ලා දන්නවා මේ රටේ මහජනතාව ජනවරමක් දීලා තියෙනවා. ඔබතුමන්ලට පවා කැමතියි. ඔබතුමන්ලත් විරුද්ධ පක්ෂයේ හිටියේ රාජපක්ෂලාට විරුද්ධව. රාජපක්ෂ රෙජීමය,රනිල් වික්‍රමසිංහ රෙජීමයත් ඒකෙ බයි ප්‍රඩක්ට් එකක්. මේ රටේ මහජන මුදල අසීමාන්තිකව මංකොල්ල කෑවා කියල දන්නවා. දැන් ඔබතුමන්ලා කීපදෙනෙක් කතා කලා රාජපක්ෂව ගෙදරින් එළියට ඇදල දානවා කියල. මම මේ සජබෙට කියන්නේ. පොහොට්ටුවේ කවුරුත් මෙතන නෑ මම හිතන්නේ. හැදි ගෑවෙන්නම යැව්වනේ. මම ඒකයි ප්‍රශ්න කරන්නේ. මේ ප්‍රධාන විපක්ෂය රාජපක්ෂත් එක්කත් හිටගන්නවා. රනිල් එක්ක සාකච්ජා කරනවා. මෙතන ක්ලීන් ශ්‍රී ලංකා එකට උදව් කරනවලු. ඔබතුන්මන්ලට සදහටම ඔතන ඉන්න වෙන්නේ මතක තියාගන්න. සදහටම. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ දේශපාලන වංචාව, ඔබතුමන්ලා හිතන්නේ මේ වචන ජනතාවට තේරෙන්නේ නැහැ කියලද? මිනිස්සුන්ට වචන තේරෙනවා. බොඩි ලැන්ග්වේජ් එක තේරෙනවා. මිනිස්සුන්ට හැගීම් තේරෙනවා. ඒ නිසා කවදාකවත් ඔබතුමන්ලාට මේ රටේ ජනතාව දිනාගන්න බැහැ ඔය දේශපාලනයෙන්.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වන ලදී.
ආශිකා බ්‍රාහ්මණ