ඇමතිවරුන්ට හිමිව තිබුණු තවත් දීමනාවක් කප්පාදු වෙයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමිව තිබුණු නිල වාහන ප්‍රමාණය හා ඉන්ධන දීමනාව අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 2025 ජනවාරි 21 චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන දෙකක් දක්වා අඩුකර මාසිකව හිමිවන ඉන්ධන දීමනාව (ඩීසල්) ලීටර 900ක් දක්වා අඩුකර ඇත.

මීට පෙර එනම් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ කාල සීමාවේදී අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන තුනක් භාවිතා කිරීමේ අවසරය තිබුණු අතර මාසික ඉන්ධන දීමනාව ඩීසල් ලීටර 1950ක් ලෙස ලබා දී තිබුණි.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර වත්මන් ආණ්ඩුවේ උක්ත තීරණය අනුව ඇමතිවරුන්ට හිමිවූ ඉන්ධන දීමනාවෙන් ඩීසල් ලීටර 1050ක් අඩු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය