ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ වම් අතේ අලුතින් පෙනෙන තැළීමක් පිළිබඳ සලකුණ ලෝකය පුරා කතාබහට ලක්ව තිබේ.

එනම්, එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ (22)දිනයේදී ඩාවෝස් සමුළුවේ දී ලේඛනවලට අත්සන් කරන විට ගනුලැබූ ජයාරූප මෙලෙස ලෝකය පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති අතර ඒවායේ ජනාධිපති ට්‍රම්ප්ගේ වම අත දැඩිව නිල්පැහැ වූ සලකුණ වඩාත් කැපී පෙනුණි.

ඒ පිළිබඳ ප්‍රශ්න නොසලකා හරිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩාවෝස් සමුළුවෙන් එක්සත් ජනපදයට ආපසු යමින් සිටියදී එයාර් ෆෝස් වන් යානයේ වාර්තාකරුවන්ට කතා කරමින් කියා තිබුණේ, ඒ ගැන කරදර වීමට හේතුවක් නොමැති බවත්, තැළීම සුළු අනතුරක ප්‍රතිඵලයක් බවත්ය.

මේ සමබන්ධයෙන් ධවල මන්දිරය නියෝජනය කරමින් මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් අත්සන් කිරීමේ මේසයේ කෙළවරේ ඔහුගේ අත වැදීමෙන් මෙම තැලීම් සලකුණ ඇති වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...