උඩින් ආ ලෝක කුසලානය

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW:

පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන කුසලානය රැඟෙන ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට අයත් පැරෂුට්කරුවන් ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ගොඩ බැසීම සිඳු විය.ගාම්භිර වූ සහ ඒ තරමට නිවුණු පෙණුමක් සහිත උත්සව අවස්ථාවකින් මේ අවස්ථාව ගෞරවණීය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබිණ.


මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් සම්පත් පියසුන්ද්‍ර, ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් නලින් කුලතුංග, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ ලුතිනන් කර්නල් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලඝණයේ ගුවන් කොමදෝරු කමල් තිස්සකුමාර, සහ ජ්‍යෙෂ්ඨ පැරෂුට් ක්‍රියාකරවන්නා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කොමදෝරු ජගත් ගොඩකන්ද යන අය දායක වූහ.


ඔව්හූ ගුවණේ සිට ශ්‍රී ලංකා ජාතික ධජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ධජය, ICC ලෝක කුසලාන ධජය, නිල ලෝක කුසලාන තේමා පාඨය “Feel the Trill” සහ ICC පිරිමි T20 ලෝක කුසලාන 2026 කුසලානය පොළවට රැඟෙක ආහ. කුසලානය රැඟෙන එන ලද්දේ එයාර් කොමඩෝර් ජගත් ගොඩකන්ද විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...