*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/23

  1. මාර්ගගත ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ විගණනය කළ ගිණුම් තොරතුරු ඉදිරිපත් කිරීම ආදී රෙකමදාරු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පා.ම. හර්ෂ ද සිල්වා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සිය ප්‍රශංසාව පළකරයි – එකී සියලු කටයුතු වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අනුව රජයේ නීත්‍යානුකූල ව්‍යූහයක් යටතේ සිදුවන බව එම කොමිසම මුදල් කාරක සභාවට දන්වයි.
  2. යුරෝපය තුළ සිදුකළ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකුට ප්‍රංශ අධිකරණයකින් සිරදඬුවම් නියම වෙයි – ප්‍රධාන සැකකරු ප්‍රංශයේ සෙරිෆොන්තෙයින් නගරයේ වෙළඳසැලක සිට මෙහෙයුම් දියත්කර ඇති අතර, ඔහුට වසර 04 ක සිරදඬුවමක් ද, වසර 01 ක අත්හිටවූ සිරදඬුවමක් ද නියම වෙයි – බ්‍රිතාන්‍යයේ සිට ජාවාරමට සම්බන්ධ වූ උදර්පණ අයදුම් පැහැර හැරි තවත් සැකකරුවකු ට වසර 05 ක සිරදඬුවමක් ද, ඉතිරි අයට ඊට වඩා අඩු වසරවල සිරදඬුවම් ද නියම වෙයි.
  3. කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ක්‍රියාකාරීත්වය ඇණ හිටීම නිසා මෙගාවොට් 165 ක ධාරිතාවයක් ජාතික පද්ධතියට අහිමි වෙයි – විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා නොමැති වීම මත මෙම ඇණ හිටීම සිදුව ඇති බව සඳහන් – මෙලෙස කැළණිතිස්ස බලාගාරයේ වැඩකටයුතු ඇණ හිටින්නේ මීට ඉහත නඩත්තු කටයුතු සඳහා වැඩ කටයුතු නතරකර තිබූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ වැඩ කටයුතු යළි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුවය.
  4. සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බවත්, 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවත්, වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගන්නා බව ද පවසයි.
  5. අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් ආරම්භ වෙයි – විභාග මධ්‍යස්ථාන 2,200 ක විභාගය පැවැත්වෙන අතර, පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 ක් විභාගයට සහභාගී වන බවට සඳහන් – රචනා ප්‍රශ්න පත්‍ර සඳහා අතිරේක මිනිත්තු 10 ක කාලයක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බව ද වාර්තා වේ.
  6. පාසල් චාරිකා සඳහා උපරිම දුරක් නියම කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන බව වාර්තා වේ – ඒ අනුව, කි.මී. 100 ක උපරිම දුරකට පාසල් අධ්‍යාපන චාරිකා සීමා කරන බව සඳහන් – පාසල් දරුවන් ප.ව. 6.30 ට පෙර යළි රැගෙන ආ යුතු බව ද සඳහන් – දින දෙකකට ඉහත නානුඔය ප්‍රදේශයේ හටගත් මාරක රිය අනතුරෙන් පසු මෙම තීරණය ගැනීම සඳහා අවධානය යොමුව ඇත – අනතුරට ලක්වූ බස් රථයේ රියදුරා අපරික්ෂාකාරී රිය ධාවනය මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
  7. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කිට්ටු සගයකු සහ ගෝලයකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ ආණ්ඩුකාරවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ – කුරුණෑගල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම මත මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
  8. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නීතිවිරෝධී සංක්‍රමණ සඳහා පහසුකම් සපයන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මන් අබ්දුල්මන්නන් අල් අවාර් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට සහතික වෙයි – ශ්‍රී ලංකාවේ කුසලතා හිමි පුද්ගලයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවන ලෙස මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කළ ඉල්ලීමට ආචාර්ය අල් අවාර් සුබවාදී ප්‍රතිචාර දක්වයි.
  9. ශ්‍රී ලංකාව පිළිබඳ චීනයේ ස්ථාවරය චීනය විසින් ජනවාරි 22 දින ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි – ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළව චීනය සමඟ පවත්වන සාකච්ඡාවල අවසාන අදියරට පැමිණ ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ එකඟතාවයකට එළඹෙනු ඇති බවත් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක පවසයි – එහි පවතින රහස්‍යභාවය නිසා කරුණු හෙළිදරව් කළ නොහැකි බව ද පවසයි – ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමිවන්නේ ද යන්න තීරණය වන්නේ එරට ප්‍රධාන ණය හිමියන් වන චීනය සහ ඉන්දියාවේ ප්‍රතිචාරය මත ය.
  10. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ජනවාරි 22 – 27 කාලය තුළ සවුදි අරාබියේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත ය – සවුදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු ගේ ආරාධනයක් මත මෙම සංචාරය පැවැත්වෙනු ඇත – එම හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan