*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගුවන්,යුද,නාවික සහ සීආර් කාන්තා සහ පිරිමි කණ්ඩායම් ජයග්‍රහණ බෙදා ගනිති

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවයේ පිරිමි සහ කාන්තා අංශයේ ඊයේ පැවති තරගවලදි පිරිමි අංශයෙන් ජයග්‍රහණ වාර්තා කරන්නට ගුවන් හමුදා කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් විය.පිළිවෙලින් ඔවුන් එරෙහිව පරාජය ලැබුවේ යුද හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් ය.කාන්තා අංශයේදී පිරිමි කණ්ඩායම් ලැබූ පරාජයේ වාඩුව ගන්නට යුද හමුදා සහ නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඔව්හූ පිළිවෙලින් ගුවන් සහ සීආර් ක්‍රීඩිකාවෝ පරාජය කළහ.


සීආර් කණ්ඩායම් සහ නාවික හමුදා කණ්ඩායම්වල හමුව තිබුණේ ලොන්ඩන් පෙදෙසේ දී ය.එහිදි සීආර් කාන්තා කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම වෙතින් පරාජයට පත් වූයේ ලකුණු 30 – 05 ක් අයුරෙන්ය.නාවික හමුදාවේ ලකුණු 30 වාර්තා වුණේ උත්සාහක දිණුම් හයකින්ය.ඉන් තුනක්ම ලබා ගත්තේ සන්දිකා හේමකුමාරි ය.ශානිකා මදෝලි,දිලිනි පොල්හේවගේ සහ ජයන්ති කුමාරි එක් උත්සාහක දිණුම බැඟින් ලබමින් කැපි පෙණින.සීආර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම ලබා ගත්තේ කාංචනා මහේන්ද්‍රන් ය.


අනතුරුව ඇරඹි පිරිමි කණ්ඩායම් හමුවේදී ද,කාන්තා කණ්ඩායමෙන් ලද පන්නරය සමඟ ප්‍රථම අර්ධය ලකුණු 15 – 11 ක ලෙස නාවික හමුදාව පෙරමුණේ රැඳෙමින් අවසන් කරන්නට සමත් විය.නමුත් ලකුණු සටහනේ හැව්ලොක්ස් පරාජයත් සමඟ දෙවන ස්ථානය තනිව භුක්ති විදීමට සීආර් කණ්ඩායමට ඇති අවස්ථාව නැති කර ගැනීමට අකමැති වූ සීආර් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි අර්ධය තම උපරිමය යොදා අත්පත් කර ගත්හ.ඒ නිසා තරගය අවසාන වන විට ලකුණු පූවරුව සීආර් කණ්ඩායමට වාසිදායක ලෙස ලකුණු 33 – 27 ක් ලෙස රැදිණ.


සීආර් කණ්ඩායමේ ලකුණු 33 ට උත්සාහක දිණුම් හතරක් එක් වී තිබිණ.අශාන් ඩාර්ලින්ග්,ගැමුණු චේතිය,මර්ෂුඩ් දොරේ සහ තෙනුක නානායක්කාර එම උත්සාහක දිණුම් හතරේ හිමිකරුවෝ වූහ.එම උත්සාහක දිණුම් හතරෙන් දෙකක් ප්‍රවර්ථනය කරන්නට මොහාන් චතුර සහ තෙනුක නානායක්කාර සමත් විය.එසේම මොහාන් චතුර නිදහස් පහර තුනක් ද නිසි ඉලක්කයේ රඳවන්නට සමත් වූයේ සීආර් කණ්ඩායමට ලකුනු 11 න් සිය දායකත්වය ලබා දෙමින් ය.
නාවික හමුදා කණ්ඩායම ද උත්සාහක දිණුම් හතරක් වාර්තා කරන්නට සමත් විය.එම උථ්සාහක දිණුම් හතරට දිනේෂ් ඩි සිල්වා,හර්ෂ මධුරංග,ලහිරු හේරත් සහ නිරෝෂ් පෙරේරා එක් උත්සාහක දිණුම බැඟින් ලබා ගනිමින් දායකත්වය දැක්වීය.තිළිණ වීරසිංහ ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් ද,එක් නිදහස් පහරක ඉලක්කය සාර්ථක කර ගනිමින් ද නාවික හමුදා කණ්ඩායමට ලකුණු හතක් ලබා දෙන්නට දායක විය.


පනාගොඩ නව රගර් පිටියේදි යුද හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් හමු විය.එහිදී ගුවන් හමුදා කාන්තා රගර් කණ්ඩායමට දැවන්ත ප්‍රහාරයක් එල්ල කළ යුද හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 65 – 00 ක් ලෙස තරගය ජයගත්හ.උත්සාහක දිණුම් 11 වාර්තා වූ මෙම තරගයේදී නිසංසලා පියුම් ඉන් පහකම හිමිකාරිය වන්නට සමත් වූවාය.ඩිලිනි කාංචනා උත්සාහක දිණුම් තුනක් එක් කළ අතර සෞම්‍යා සුභාෂි උත්සාහක දිණුම් දෙකක් ද,අයේෂා ජයසුන්දර එක් උත්සාහක දිණුමක් ද වාර්තා කරන්නට සමත් විය.මින පහක් සාර්ථක ප්‍රවර්තන බවට පත් කරන්නටා චරිනි ලියනගේ දායක විය.
පිරිමි කණ්ඩායම් අතර තරගයේ දී ප්‍රථම භාගය තුළ ක්‍රීඩිකාවන් ලබා දුන් උත්තේජනයෙන් යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 5 – 0 ක් සේ සිටිමින් තරගය අවසාන කරන්නට සමත් විය.නමුත් දෙවන අර්ධයේදි ගුවන් හමුදාව යළි රිද්මයට පිවිසෙමින් තරගයේ පාලනය යුද හමුදාවෙන් උදුරා ගත් අතර තරගය අවසාන වන විය ලකුණු සටහන දැක් වුණේ ගුවන් හමුදාවට ජය හිමිවන පරිදි 27 – 19 ක් සේ ය.
ගුවන් හමුදා ජයග්‍රහණය වෙනුවෙන් සාමික කෞෂාන් උත්සාහක දිණුම් දෙකකින් දායක වූ අතර තරිඳු දාබරේ සහ තරින්ද රත්නායක එක් උත්සාහක දිණුම බැඟින් එක් කරන්නට සමත් විය.නුවන් පෙරේරා උත්සාහක දිණුම් දෙකකම ප්‍රවර්ථන සාර්ථක කර දුන් අතර නිදහස් පහරකින් ද ලකුණු ලබා දෙන්නට දායක විය.


යුද හමුදා කණ්ඩායමේ ලකුණු 19 ට උත්සාහක දිණුම් තුනක් එකතු වී තිබිණ.කවීන් පෙරේරා,ලසන්ත කුමාර සහ මොහොමඩ් රිෆාන් එම උත්සාහක දිණුම්වල හිමිකාරයේ වූහ.ඉසුරු මැදගෙදර එම උත්සාහක දිණුම් තුනෙන්, දෙකක්ම නිසි ඉලක්කයට යොමු කරමින් ප්‍රවර්ථන දෙකක සාර්ථකත්වය හරහා යුද හමුදාවට ලකුණු එකත් කරන්නට දායකත්වය දැක්වීය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan