*
Monday, September 23, 2024
spot_img

Latest Posts

එක්සීම් බැංකුවෙන් ප්‍රතිචාර…

ශ්‍රී ලංකාවට දී දී ඇති ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට සුදානම් බව චීනයේ එක්සීම් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දන්වා තිබේ. එක්සීම් බැංකුව මෙම ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා ඇපකරයක් වශයෙන් චීනය විසින් මෙරටට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස සිට චීනයෙන් කළ ඉල්ලීමට ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (22) දැනුම් දීමට නියමිතව තිබුණු අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන මෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුබ ආරංචියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව ගිය සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ද ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සුදානම් බව ඉන්දියාව පසුගිය 18 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව එම සහතිකය ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉන්දියානු විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා අනෙකුත් ණය හිමි රටවලින් ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම සහාය දීමට කැමැත්තෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය හිමි පැරිස් ක්ලබ් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිතය. අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන අතර ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කරන බවට ලබා දෙන සහතිකය අනුව එම පහසුකම ලබා දීම පිළිබඳ එකඟතාවකට එළැඹීමට නියමිතය. චීනය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වූ සාකච්ඡා මේ වන විට අවසන් ව ඇති අතර චීනයේ ප්‍රතිචාරය සුබවාදී වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුබවාදී සහායක් ලබා දෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ආධාර සඳහා අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සපුරාලිය යුතු තවත් ප්‍රධාන නිර්ණායකයක් වශයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දෙන ලෙස එම අරමුදල රජයෙන් ඉල්ලා තිබුණු බව ද අමාත්‍යවරයා පවසයි.

රජය දැනටමත් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහන ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒවා ඇගයීමට ලක් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව ලබන මාසය වන විට ලැබෙනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan