ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වූ රුපියල…

2023 වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇති අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2022 ‌දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිල දී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බව ඉහත තොරතුරු ඇතුළත් මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණ බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...