ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබාදීමට නෙදර්ලන්තය එකඟ වෙයි !

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බැච් (Bonnie Horbach), නෙදර්ලන්ත උපදේශක කමිටුවේ සාමාජික ඇලිෂියා ශ්‍රිකර් (Alicia Schrikker) සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති ලේඛම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුනි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අතර යටත් විජිත යුගයේ සංස්කෘතික වස්තූන් නැවත ලබා දීම පිළිබඳ එවකට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීමට නෙදර්ලන්ත රාජධානියේ රජය එකඟ වී තිබේ.

මෙම වටිනා කෞතුක වස්තු ප්‍රවාහනය, ගබඩා කිරීම සහ ආරක්‍ෂාව සඳහා වන ක්‍රම පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

මෙම කෞතුක වස්තු ආරක්‍ෂිත ලෙස ගබඩා කිරීම සඳහා අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ප්‍රදේශ අවශ්‍ය වන අතර ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු ගබඩා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන තෙක් කෞතුක වස්තු පිළිබඳ පර්යේෂණ කිරීමට සහ අධ්‍යයනය කිරීමට සිසුන්ට සහ විද්වතුන්ට පහසුකම් සැලසීමටද නෙදර්ලන්ත රජය ඉදිරිපත් වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...