*
Friday, November 22, 2024
spot_img

Latest Posts

රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිශානතිය වෙනස් කරන්න ඕනෑ – අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිශානතිය වෙනස් කළ යුතු බවත්, රටේ ආර්ථිකයට සිදුව ඇති විනාශය අවබෝධ කර ගැනීමට මහ බැංකු වාර්තා කියවීම හෝ ආර්ථික විශේෂඥයන්ගේ සාකච්ඡාවලට ඇහුම්කම් දෙනු වෙනුවට තෙල් සංස්ථාවට සිදුව ඇති දෙය වටහා ගැනීමෙන් හැකි බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ බියගම ආසන සමුළුව අමතමිනි.

“අපේ රටේ ජනතාව ආණ්ඩු වෙනසක් කරන්න උවමනා වුණාම කතිරේ ගහලා ආණ්ඩු වෙනස් කළා. ඒ වුණාට මාරුවෙන් මාරුවට එකම කට්ටිය පාලනය කරනවා. වරින් වර මාරුවෙන් මාරුවට බලයට ආවට මේ එකම කට්ටිය. මේ තත්වය තවත් ඉදිරියට යාමට ඉඩ දිය යුතු නැහැ. වෙනසක් කළ යුතුයි. අපි මොකක්ද කරන්න වුවමනා වෙනස. මේ රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිශානතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ ආර්ථිකයට කරන ලද විනාශය දැනගන්න මහ බැංකු වාර්තා කියවන්න හෝ ආර්ථික විශේෂඥයන්ගේ සාකච්ඡාවලට ඇහුම්කන් දෙන්න වුවමනා නැහැ. මේ ආර්ථිකයට කරන ලද විනාශය සොයා ගන්න පුළුවන් තෙල් සංස්ථාව දෙස බැලුවාම.

තෙල් පිරිපහදුව ආරම්භ කරන්න මුල්ගල තැබුවේ 1968දී. තෙල් පිරිපහදු කරන්න පටන් ගත්තේ 1969 අගෝස්තු 05දා. මේ වන විට අවුරුදු 55ක් පමණ වෙලා තිබෙනවා. ආරම්භ කරන අවදියේ බොරතෙල් මෙට්්‍රක් ටොන් පන්දහස් පන්සියයක් පිරිපහදු කරන්න පුළුවන්. අවුරුදු 55කට පස්සෙත් පිරිපහදු කළ හැක්කේ මෙට්්‍රක් ටොන් පන්දහස් පන්සියයක්ම පමණයි. මේ පිරිපහදුව ලැබෙන කොට ලොව තිබුණු දියුණුම තාක්ෂණයෙන් තමයි පිරිපහදුව පටන් ගත්තේ. අද වෙනවිට ලෝකය තාක්ෂණය දියුණු වෙලා. අපි තවමත් 1969 තිබුණු තාක්ෂණයෙන්ම තෙල් පිරිපහදුව සිදුකරනවා. පිරිපහදුවේ අතුරු නිෂ්පාදනවලින් අපි යුරියා ෆැක්ටරියක් හැදුවා. අපිට පොහොර කර්මාන්ත ශාලාවක් තිබුණා. 1982 පුවත්පත් වාර්තාවක තියෙනවා හදපු යුරියා වැඩිවෙලා යුරියා මෙට්්‍රක් ටොන් පනස්දහසක් පාකිස්ථානයට විකුණූ බව. අද යුරියා නිපදවන කම්හල වහලා තියෙනවා. තෙල් සංස්ථාවට අනුබද්ධව නයිලෝන් කර්මාන්ත ශාලාවක් තිබුණා. අපට අවශ්‍ය වන මාලු දැල, නයිලෝන් නූල් ටික, හැදුවා. තෙල් පිරිපහදුවෙන් එන අතුරු නිෂ්පාදනවලින් අපේ අන්නාසි වගාවට, මල් වගාවට අවශ්‍යවෙන වල් නාශක, කෘමි නාශක සිපෙට්කෝ ආයතනය විසින් හැදුවා. අද ඒ ආයතනය වසා දමා තිබෙනවා. තෙල් පිරිපහදුවෙන් එන අතුරු නිෂ්පාදනවලින් ඉටිපන්දම් කර්මාන්ත ශාලාවක් හැදුවා. ලිහිසි තෙල් නිෂ්පාදනය කළා. ඒක ඇමෙරිකන් කැල්ටෙක්ස්කාරයාට විකුණලා දැම්මා. තෙල් පිරිපහදුවෙන් අහස්යානාවලට අවශ්‍ය ඔයිල් හැදුවා. දිනකට ඩොලර් ලක්ෂ 14ක ගුවන් යානා තෙල් විකිණීමට හැකියාව තිබෙනවා. ඩොලර් වියදම් කරමින් බොරතෙල් ගෙනත් පිරිපහදු කරල නැව්වලට දීල නැව්වලින් ඩොලර් ගන්න පුළුවන්. අපට ඩොලර් සොයා ගන්න අවස්ථා මේවා. මේ මෑතක ඒකත් පුද්ගලික අංශයට විකුණා දමනු ලැබුවා.

මේ පාලකයන්ට අපේ ආර්ථිකයේ ඉතාම වැදගත් ස්ථානයක්වත් රැකගන්න බැරිවෙලා තිබෙනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය, ඉඩම් ටික, මැණික් සම්පත, ඉල්මනයිට් ටික මේ පාලකයෝ රකියිද? මේ පාලකයන්ට අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න කිසිදු සැලැස්මක් නැහැ. තිබෙන සම්පතක් විකිණීමත්, වසාදැමීමත්, යකඩ ගලවා විකිණීමත් පමණයි මේ පාලකයෝ දන්නේ. මේ පිරිපහදුව විනාශකරන්න මේ ආණ්ඩු සෑම එකක්ම හවුල් වෙලා තිබෙනවා. මේ නිසා තමයි අපට ආර්ථිකයේ වෙනසක් කිරීම අවශ්‍ය වන්නේ. ආර්ථිකයේ පරිවර්තනයක් කරන වෙනසක් තමයි අපට අවශ්‍ය වන්නේ. ඒ වෙනස කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan