ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරිකයෝ පිරිසක් දඹුල්ලට!

Date:

දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරික පිරිසක් දඹුල්ලට පැමිණියහ.

දඹුල්ල මහ නගර සභාව මගින් වසර කිහිපයක සිට පවත්වාගෙන යන කාබනික පොහොර ව්‍යාපෘතිය සහ ඉදිකිරීමට යෝජිත සංචාරක මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙන්ම ඉන්දියානු සමාගමක් සහ ඩුබායි සමාගමක් එක්ව අක්කර පහක පමණ නියාමන ව්‍යාපෘතියක් ලෙස දඹුල්ලේ ආරම්භ කළ පැන්ඩා උණ වගාව නිරීක්ෂණය කිරීම ද සිදු විය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයකු වූ රාම් සුබ්‍රමනියම් (Rama Subramanian), මෙන්ම ඩුබායි හි ව්‍යාපාරිකයන් දෙදෙනකු වන අහමඩ් අල් අලී (Ahmed Al Ali) සහ මොහොමඩ් ජබර් (Mohmed Jabar) මෙසේ පැමිණ සිටි අතර ලංකාවේ අක්කර 2000 උණ වගා කිරීම සඳහා ඔවුන් සැලසුම් සකස් කොට ඇති බව ද පවසයි.

තවද මෙම කණ්ඩායම දඹුල්ල උයන් වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටිටා ඇති ශ්‍රී ජිනරතන ළමා නිවාසයේ සිටින කුඩා දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම මෙන්ම උයන්වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන සාමණේර භික්ෂු පුහුණු ආයතනයට මූල්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණු අතර ඩුබායි ජාතික ව්‍යාපාරිකයන් රංගිරි දඹුලු රජමහ විහාරස්ථ උයන්වත්ත පුරාණ රජමහා විහාරාධිපති හල්මිල්ල වැවේ පේමරතන හිමියන් ගෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් නූල් බැඳ ගැනීම විශේෂ කාරණයක් විය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...